(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ මෙය දේශපාලන වේදිකාවක් නොවන බවයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් ඇති දිවුරුම් ප්‍රකාශයෙන් තමන් ජනාධිපති හා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කර තමා එම තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරන බව සදහන් කර ඇතැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අදාළ දිවුරුම් ප්‍රකාශයේ සදහන් චෝදනා අසත්‍ය යි. පදනම් විරහිත සහ ද්වේෂ සහගත ඒවා යැයි ද හෙතෙම කීය.
තමන් අපක්ෂපාතී , ස්වාධීන නිලධාරියෙක් යැයි නීතිපති විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම දිවුරුම් ප්‍රකාශය සැකසීම නීති උපදෙස් දුන් නීතීඥ විරාන් කොරයා මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් තමා විරෝධතා දක්වන බවද නීතිපති සඳහන් කළේය.
නීතිපතිගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනාඩි 15 කට කල් තැබීමට හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. මෙතෙක් සිටි ඇතැම් දියාරු, පක්ෂග්‍රාහී කට්ටිය මෙන් නොව ඔබතුමා පත් වූ දින සිටම එතෙක් ගොඩ ගැසී තිබුණු සහ යට ගැසී තිබුණු නඩු ඉවරයක් කිරීමට මහත් වෙහෙසක් දරන බව අපට පෙනෙනවා. එහෙම වෙනකොට දේශපාලනෙන්ම නඩු ඉවර කිරීමට උත්සාහ කරන පුරුද්දෙන් මිදෙන්නට සමහරුන්ට බැරි බවයි පේන්නේ. ඔබතුමාට ජය!
අපොයි ඔව්. නීතිපති නමැති කොකාගේ සුද අපිට පේනවා.
මම මේ කල්පනා කරේ බුද්ධි අංශයක් තියෙන්නේ පොලිසියට පමණද? රටේ ආරක්ෂාව සඳහා වෙනත් අංශ වගකිව යුතු නැද්ද?
අන්තිමේදී පොලිසියේ ලොක්කත් ගැලවෙන්න හදන්න වගේ... නියමයි තීන්දුව..