IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න

(මනෝප්‍රිය ගුණසේකර )
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද අද පැවැති නිලවරණයෙන් තේරී පත්විය.
 
2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයකු හා ලේකම්වරයකු තෝරා ගැනීම සඳහා කොළඹ ඇතුළු  රටපුරා ඡන්ද මධස්ථාන 83කදී පැවැත්වූ ඡන්ද විමසීමේදී සෙසු තරඟකරුවන් පරාජයට පත් කරමින් ඔවුන් එම නිල සඳහා තේරී පත්විය.
 
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ ඉන්ද්‍රතිස්ස  මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.
 
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82 තේරිම් බාර නිලධාරීන් වශ්‍යයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කළ බවද නීතීඥ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ඡන්ද විමසීම අද  පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්විණි.

අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.
 
කාලිංග ඉන්ද්‍රතිස්ස  4702
මහින්ද  ලොකුගේ 1346

කෞෂල්‍ය නවරත්න 5061
සමන් වැලිඅංග 898



අදහස් (6)

නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න

Amila Wednesday, 20 February 2019 03:47 PM

කාලිංග ඉන්දතිස්ස මහතා කියන්නේ දක්ෂ නීතීඥ මහතෙක්. උණුසුම් සුබපැතුම්!

:       37       18

Raveendra Wednesday, 20 February 2019 04:51 PM

ලංකා නීතීඥ සංගමයේ අලුත් නිලධාරී මඩුල්ලට අපගේ සුබ පැතුම්!! අවංක පුරවැසියන් හැටියට අප නව නිලධාරි මඩුල්ලෙන් කාරුණික ඉල්ලීම කිරීමට කැමැත්තෙමු. අපගේ මාතෘභූමිය වැටී ඇති අගාධයෙන් මිදීමට ඔබලාට වැදගත් යුතුකම් කීපයක් පැවරී ඇති බව පළමුව සඳහන් කරන්නෙමු. ඔබ සියල්ලන්ටම යම්කිසි සම්මුතියකට පැමිණීමට හැකිනම් රට විනාශ කරන කුඩුකාරයන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මොවුන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මහජන දේපොළ හොරාකන්නන් වෙනුවෙන් පෙනී නොසිටීමට එමගින් ඔබලා මෙලොවදීම පින් රැස්කර ගන්නේය. සරලව කියනවා නම් "මුදල් වෙනුවෙන්ම " අනාගත පරපුර විනාශ කරන කුඩ්ඩන්ව හොඳ මිනිසුන් ලෙස පෙන්වීමට තර්ක විතරක් නොකර සිටීමයි.

:       210       1120

MaheeWednesday, 20 February 2019 06:41 PM

අනේ රවීන්ද්‍ර මහත්තයෝ, ඒ ටික අත හැරියාම කා වෙනුවෙන්ද නීතිඥයෝ පෙනී ඉන්නෙ?

:       7       127

Amila Thursday, 21 February 2019 12:12 AM

ඇත්තටම රවීන්ද්‍ර මහත්තයෝ හරියට සාක්ෂි සහ කරුනු නැතිව ඉදිරිපත් වෙන සිද්දි තමයි ගැටලුව වෙන්නේ. ඒකට නීතිවේදියෝන්ට කරන්න දෙයක් නෑ නේ. අනික හිතමු කවුරු හරි තරහකාරයෙක් ඔබතුමාට කුඩු දාලා හරි ගන්ජා දාලා හරි මාට්ටු කරා කියලා, එවිට ඔබේ නිදොස්භාවය සනාත කිරීම සදාහා නිතීඥ සහාය බොහෝ වෙලාවට ඕන වෙනවනේ. පසුගිය කාලයේ වුනු මාධ්‍ය වේදින් ඝාතන සහ මහජන මුදල් අවභාවිතය ගැන කියවුන සිද්දි බොහෝමයක් ඔප්පු කරගන්න තරම් සාක්ෂි නොමැති වීම හෝ දුර්වල ලෙස ගොනු කරපු සිද්දි තමයි හේතුව.

:       0       17

RaveendraThursday, 21 February 2019 02:05 AM

Mahee මයා වෙත, ඔබගේ අදහස් නිවැරදි උවත් අපගේ අදහස් වලින් අඩුතරමින් නීතීඥයන් කිපදෙනේකුවත් මේ අය වෙනුවෙන් පෙනී නොසිටියි යන්න අපගේ එකම බලාපොරොත්තුවයි.

:       0       20

kamal Thursday, 21 February 2019 02:32 AM

ජයෙන් ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site