IMG-LOGO

‘ නීතිඥ සංගමයේ සභාපති තනතුර අවභාවිතා කරමින් සිටිනවා’

(නිමල කොඩිතුවක්කු)       
    
ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සාධාරනීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කොළඹදී අද (11) පැවැසීය.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතීඥයෝ  සංවිධානය පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීවේය.


 ‘‘නීතීඥවරුන්ගේ  මතය අධිකරණයේ මතය වෙන්නේ නැහැ.  බොහෝ නිතීඥවරුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඔලූවේ තියාගෙන. නීතීඥ  සංගමයේ සභාපතිවරයා මේ අවස්තාවේදි කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන  මහතාගේ ක‍්‍රියාකලාපය සාධාරණිකරණය කරන එකයි.


යූ. ආර්. ද සිල්වා මහතා හෝ වෙනත් කවුරුත්  කියන කාරනා මත ජනතාව අතරමං විය යුතු නැහැ. මේ සම්බන්ධයෙන්  නියම අර්ථ නිරූපණය  කිරිමේ හැකියාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි’’ යැයිද ඔහු පැවසීය.  



අදහස් (5)

‘ නීතිඥ සංගමයේ සභාපති තනතුර අවභාවිතා කරමින් සිටිනවා’

Bamunuarachchi Sunday, 11 November 2018 01:24 PM

සල්ලි ලැබෙනවා නම් නීතිඥයෝ ඕනේ පැත්තකට කතාකරනවා. මෙයා එජාපෙට කතාකරන කෙනෙක් ඉතින් මෙයාගේ කතාවෙත් විශේෂත්වයක් අපිට නැත. මෙයා අපිට තවත් නීතිඥයෙක් පමණයි.

:       0       0

shan saudi Sunday, 11 November 2018 02:22 PM

නීතිඥයින් කවදත් මුදල වෙනුවෙන් ඕනෙම අපරාදයක් කල පුත්ගලයන් නිදොස් කොට නිදහස් කරලීම සඳහා කටයුතු කරයි. ඔහුගේ කාර්යය වන්නේ ලැබෙන මුදල මත සේවය කිරීම මිස ලොවට, ජනතාවට සාධාරණය කිරීම නොවේ. වරප්‍රසාද, වරදාන වෙනුවෙන් ජීවිතය කැප කරන මොවුන් අද මෙසේ හැසිරීම අරුමයක් නොවේ..

:       0       0

ගල්කටස් Sunday, 11 November 2018 06:00 PM

ඉවසන්න, ඉවසන්න. ගරු අධිකරණය තීරණයක් දේවී.

:       0       0

ලසන්ත Monday, 12 November 2018 01:09 AM

නොදන්නාකම නිසා අහන්නේ. මට දවසක් ප්‍රවෘත්ති වෙලාවක ඇහුනා යම් කරුණකදී අධිකරණය නිතීඥ සංගමයේ අදහස විමසනවා කියලා. දැන් ඔය පැමිණිලි කරනවා කියන පැමිණිලි වලටත් එහෙම වුනොත්?

:       0       0

Prabhash Monday, 12 November 2018 04:51 AM

100% ක් එකඟයි.

:       1       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 111 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2242 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site