(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බව එහි සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සියළුම සාමාජිකයින්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද එකඟවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීමක් නොකැඳවීමටද තීරණය වු බව වැඩිදුරටත් වාර්තාවේ.
කොළඹ අලුත්කඬේ පිහිටි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ‍්‍රවණාගාරයේදී නීතීඥ සංගමයේ විධායක සභාව සහ නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමඟ පැවැත්වු සාකච්ඡාවකින් පසුව එලෙස තීරණය කළේය.
මෙම සාච්ඡාව අතරතුර ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් බවද නීතීඥ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාවන් සාධාරණීය කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙන්ම සභාපතිවරයා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි අන්දමින් කටයුතු කරන හෙයින් ඔහුගේ කටයුතු සහ ක‍්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි නීතීඥ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතාට ඉල්ලීමක් කර තිබිණි.
COMMENTS
මේකට වගේම ඊටත් වඩා වැදගත් දේවල් වලට මොහු සමාව ගත යුතුයි. ඒ තමයි, නීතිපතිවරයා තමන්ගේ කාර්යය පැහැර හරිද්දී නිශ්ශබ්ද වීම වැනි අවස්තාවලදී නීතිඥ ප්‍රජාවේ වගකීම ඉටු නොකිරීම. පාලකයන් නීතිය කඩද්දී අත පය හකුලාගෙන සිටීම වැනි දේ.
සමාව ගත්තා හෝ නැතා ඔබ කියන්න ඕනදේ කියලා ඉවරයි නේද?
නීතිඥ සංගමයෙන් නෙරපා හැරිය යුතුයි. පක්ෂග්‍රාහී වෙනවට....
එයා කොහොමත් ඉස්සර ඉඳන්ම ඔය අගමැති යැයි කියන කෙනාට තමයි සපෝට්...
විධායක සභාවේ අනුමැතියකින් තොරව වැඩක් සිදුකර එම ක්‍රියාවෙන් ඇතිවූ ඵලය හොඳ යැයිද, නිවැරැදි යැයිද පුන පුනා ප්‍රකාශ කොට දැන් සමාව ඉල්ලන්නේත්, සංගමයේ මහසභාරැස්වීමක් නොකැඳවන්නේත් සියල්ල සිදුවූවාට පසු උද්ගතවූ තත්ත්වය අනුව තම තනතුර අහිමිවීමේ ඇති බිය නිසා බවයි පැහැදිලි වන්නේ.
මාළුවා නහින්නේ කට නිසා
සංගමයේ හොද වැඩක්
තවත් ඔයවගේ සංගම් තියෙනවා, මම දැක්කා, "කොහේ හරි කථිකාචාර්ය වරුන්ගේ සංගමයක" සබාපතිද කොහේ පක්ෂක්ග්‍රාහීව ප්‍රකාශ නිකුත් කරන්නවා. මට හිරිකිතේ බෑ. උගත් සාමාජිකයන්ට කිසිම අවුලක් නෑ වගේ.