(ප්‍රසන්න පත්මසිරි)
ඌව,සබරගමුව සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (3) සවස බදුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි .
බදුල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි තැම්පත් කළ තිබු දේහය පස්වරු 2.00 ට බදුල්ල අධිකරණ සංකීර්ණයට රැගෙන ආවෙිය.
පසුව එහිදී විනිසුරු, නීතිවේදීන් හා අධිකරණ කාර්ය මණ්ඩලවල සාමාජිකයෝ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුහ.
ඉන් අනතුරුව ඌව පළාත් සභාවට රැගෙන විත් එහි විනාඩි තිහක කාලයක් තැම්පත් කිරීමෙන් පසු නගරයේ විල්ස් පාක් ක්‍රීඩාංගනයට ගෙනවිත් ආගමික වතාවත් හා ගිහි පැවිදි අනුශාසනා හාකතාවන්ගෙන් පසු බදුල්ල පොදු සුසාන භුමියේ දි මිහිදන් කටයුතු සිදු කළේය.
මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ සහ ක්‍රිෂේලි පෙරේරා මහත්මියගේ පියාණන්ය විශ්‍රාම ලත් පාඨශාලාචාරිනි දයා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂ යාය.
අවසන් කටයුතු සිදු කළ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වුහ.



2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥ මාෂල් පෙරේරා අවසන් ගමන් යයි