IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නඩු විභාගය අවසන් වන තෙක් නාලක ද සිල්වාට ඇප නෑ

(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි  චෝදනා ලැබ සිටින   ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවිධාන) පනතේ  7.(2)  වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැතැයි තීරණය කළ අධිකරණය  එලෙස නඩුව අවසන් වන තෙක් නාලක ද සිල්වා මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.

මෙම සිදුවීමට අදාළ අනෙක් සැකකරු වන ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ද අද(19) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ලබන මස  2 වැනිදා  මොවුන් දෙදෙනාම  නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.



අදහස් (2)

නඩු විභාගය අවසන් වන තෙක් නාලක ද සිල්වාට ඇප නෑ

කමල් Wednesday, 19 December 2018 07:47 AM

ලෝක ඉතිහසයේම නතුව අති මෙවන් ජනධිපති කෙනෙක්.................

:       181       207

Hafeel Wednesday, 19 December 2018 08:18 AM

මේ සිද්ධියත් අර තාජුදීන්, ලසන්ත, එක්නැළිගොඩ නඩුව වගේ තමයි යන්නේ. ඝාතනවලට අනුබල දුන් ලොකු ලොකු අය නිදැල්ලේ ඉඳිද්දී, පොලීස් හා ආරක්ෂක අංශයේ ඉන්න අය හිරේ. මේ සිද්ධියේදීත් මේකේ ප්‍රධාන නළුවා නාමල් කුමාර නිදැල්ලේ මාධ්‍ය සංදර්ශන පවත්වමින්, ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙනවා.

:       5       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site