උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සහ මිත්‍ර රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ යුද අභ්‍යාසය අවලංගු කළ බව නෝර්වේ රාජ්‍ය අද (11) ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ එම තීරණය ගත් බව නෝර්වේ හමුදා සඳහන් කළේය. මෙම යුද අභ්‍යාසය මාර්තු 12 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊට සෙබළු 15,000 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබිණි.
‘‘කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වෙලා’’ යැයි මාධ්‍යවේදීන් අමතමින් නෝර්වේ යුද හමුදාවේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී රූන් ජාකෝබ්සන් පැවැසීය.
‘‘අපි අපේ හමුදාවේ සටන් හැකියාවන් මෙන්ම හමුදා සෙබළුන්ගේ කුසලතා ඉදිරියේ පැමිණීමට නියමිත ව්‍යාකූල තත්ත්වයේදී සමාජයට සහාය දීමට යොදාගන්නවා’’ යැයි ද හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ප්‍රශ්නයේ හොඳ පැත්ත තමයි ලෝකවාසී සියළු දෙනාට යතාර්ථය අවබෝධ වීම. තමන් සතුරන් යයි සිතාගෙන සිටින අයට වඩා ස්වාභාවික උපද්‍රව ඉතා ප්‍රබල බව දැන් කාටත් වැටහී ඇත. මේ අවස්ථාවේදී මුනිදාස කුමාරතුංගයන් විසින් රචිත "හීන්සැරය " කෘතිය සිහියට එනවා.