IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ තිබූ ඉන්දියන් නුග ගසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (1) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ උඩුගම්පොළ වතුමුල්ල සෝමවීර මාවතේ පදිංචිකරුවකු වූ  මහින්ද ගුනවීර නැමැත්තෙකි.

නුග ගසේ මුල කොටසට ගිනි තැබීමෙන් ගස පාර හරහා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබිණි.

1995 දී එවකට ජනාධිපතිනියවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම මත ඇල්ඔයේ කෙටවල වෙල්යායේ ඉදි කෙරුණු ජපන් මත්‍රත්ව පාලම 1996 අගෝස්තු 31 දින එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් විවෘත කරන අවස්ථාවේදී රෝපණය කරන ලද නුග ගසක් මෙසේ ගිනි තබා විනාශ කර තිබිණි.

මෙසේ  ගිනි තබා විනාශ කර ඇති නුග ගස පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් දෙතුන් සියයක් ආසන්නයේ වීම විශේෂත්වයකි.

දින කිහිපයකට පෙර මෙම ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බවත් ඒ දුටු පාලම ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව එම ගින්න නිවා දමා ඇතැයිද යළිත් ගිනි තැබීමෙන් මෙම විනාශය සිදුව ඇතැයිද ඔවුහු සඳහන් කළහ.



අදහස් (11)

නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප

Rata Perata Monday, 01 March 2021 12:45 PM

දැන් අපිට කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වගේ වැඩ කරන අපතයින් හඳුනාගෙන අපිම දඬුවම් දෙමු.

:       3       56

නන්නාදුනන හාදයා Monday, 01 March 2021 04:30 PM

rata perata, නොබෝ දිනකින් මේ රටේ බහුතරයක් ජනතාවට මේ ඔබ කියන සත්‍යය අවබෝධ වෙනවා නියතයි. එදාට ඔබ වෙනුවෙන් ඒ වගකීම ඉටුකරනු ඒකාන්තයි.

:       0       2

RaveendraTuesday, 02 March 2021 08:42 AM

ඔබගේ අදහස් නිවැරදිය. ගස විනාශ වී ඇත... "තිරිසනාට" ඇප ලැබී ඇත.

:       0       14

fairoos Monday, 01 March 2021 01:48 PM

අපේ ගෙවත්තේ ගහක් කපන්න නම් ඔක්කොම නීති පිළිපදින්න ඕනේ. මෙයාලට ඇප දීලත් ඉවරයි.

:       0       47

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 01 March 2021 03:41 PM

මතක තියා ගන්න, ඔය ගස අවසානෙට සෙවණ දුන්නෙත්... ගිණි දැල්විල පිළිස්සෙද්දී පවා සිසිලස දුන්නෙත්.... තමන් නසන්නට ගිනි දැල් ඇවිලවූ මේ මිනිසාටම යන වග... බල පුළුවන්කාරකම් ඉදිරියෙහි ඇතැම්විට නීතියෙන් එබට බේරෙන්නට පුළුවන් වෙයි. හැබැයි කවදාවත් මේ ස්වභාවදහමේ විනිශ්චයෙන් නම් ඔබට ගැලවුමක් නැති වෙයි. මතක තබා ගන්න. වනස්පතින් නැසිම යනු ඔවුනොවුන්ගේ පරම්පරා ගණනාවකට පවා විඳවන්නට වන ශාපයන් වන වග...

:       0       1

sampath Monday, 01 March 2021 04:31 PM

මේ පුද්ගලයාට ආයතන සංග්‍රහය අනුව දඬුවම් කරන්නේ නැද්ද? විනය පරීක්ෂණ නැද්ද? එහෙම නම් කාගේ හරි ඉල්ලීමක් ඉටුකරලා ඇත්තේ. ජනතාව ඔය ගිනිතියන වෙලාවේ නිසි දඬුවම් නොදීපු එකේ වරද ගස් කොළන් පෙන්නන්න බැරි කොට්ඨාශයක්..

:       0       2

විජිත් Monday, 01 March 2021 04:36 PM

ඔය නරුමයා ගිනිතියා විනාශ කළ ගස තිබූතැනම ඒ වර්ගයේම ගසක් සිටුවන්නට හැකිනම්... ප්‍රදේශයේ සිටින පරිසරයට හිතැති " මිනිසුන් " ඒ ගස ආදරයෙන් බලා ගනීවි. නරුමයින් විසින් ගස විනාශ කළ අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතුකළ, ආබාධිත රණවිරුවන් ඇතුළු ගම්වාසී සියලුම "මිනිසුන්ට" මගේ ආචාරය...

:       0       2

Nihal Monday, 01 March 2021 07:56 PM

අත්අඩංගුවට ගත්තේ ඇප දෙන්න ඕනෑ නිසා වගෙයි..

:       0       2

asamagi janahitha Tuesday, 02 March 2021 05:52 AM

මොහු මානසික රෝහලට යොමුකළ යුතුය. දේශපාලන තම ආගමික විශ්වාසයන්ට වඩා ඉස්මතුවීමේ මානසික රෝගයකින් පෙළෙන බව පෙනෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයේ අය දෙකට බෙදී සහ එහි ආරක්ෂකයින් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ තම පරාජිත බව විඳ දරාගැනීමට නොහැකිව මෙවැනි දේ කරන බව පෙනේ. තමන් පරාජය කළ ජනතාව හඳුන්වන්නේ බයියන් ලෙසය.

:       11       3

chandaniTuesday, 02 March 2021 10:42 AM

බයියන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නූගත්, මෝඩ, අනුන්ගෙන් යැපෙන, නිවට නියාලු මිනිසුන්ටයි. ඒ වර්ගයේ 69 ලක්ෂයක් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉන්නා බව පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. ඒ බයියන් මේ රටේ සිටින තුරු ගෝත්‍රිකයින් රට පාලනය කරනවා. රට ණය කරනවා. හොරා කනවා.

:       0       4

sharm warn Thursday, 04 March 2021 03:10 AM

ආ.. ඇප දුන්නනේ.. එහෙනම් ගහ ලියලයි. ඒකනේ ඇප දීලා ගෙදර යවලා තියෙන්නේ. පාලකයෝ නටනකොට සේවකයෝ ඔලුවෙන් හිටගෙන යනවා කියන්නේ මේවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site