(මහින්ද නිශ්ශංක )
කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් හෙට (22) පස්වරුවේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
ඒ අනූව හෙට පස්වරු 3.35 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර නගරාන්තර දුම්රිය ද මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට බෙලිඅත්ත නගරාන්තර දුම්රිය ද ධාවනය කෙරේ.
දැනට කාර්යාල සේවක සේවිකාවන් සදහා මහනුවර සහ බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය දෙකට අමතරව මෙම නගරාන්තර දුම්රිය දෙක ධාවනයට යොදවා ඇත.
COMMENTS