IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිධූරය මේජර් ජෙනරාල් උදය නානායක්කාරට

(ඩයනා උදයංගනී)

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයකු ද වන මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාර මහතා පත්කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම නව පත්වීම සිදුකර ඇති අතර නව සභාපතිවරයා වෙත පත්වීම් ලිපිය පිරිනැමීම සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අතින් අද (13) සිදුකෙරිණි.

නානායක්කාර මහතා හෙට (14) උදෑසන සිය ධූරයේ රාජකාරී භාර ගැනීමට නියමිතය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන නානායක්කාර මහතා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1981 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වූ අතර ඔහු ඉන්දියානු ආරක්ෂක කළමනාකරණ විද්‍යාලයේ සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

මධ්‍යම පළාත් අඥාපති, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් ද කටයුතු කර ඇති නානායක්කාර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලසේනාධිපති ලෙස ‘552 මුහමලේ’ බළකායේත්, බලසේනාධිපති ලෙස 214 වන බලසේනාව “පරයාණකුලම්” බලකායේත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති වශයෙනුත් කටයුතු කර ඇත.

මේජර් ජෙනරාල් උදය නනායක්කාර මහතාට උත්තම සේවා පදක්කම (යූඑස්පී), ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, රිවිරැස පදක්කම, පූර්ණ භූමි පදක්කම සහ උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ද හිමිව ඇති අතර ඔහු 2015 වසරේ යුධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පෞද්ගලික ක්ෂෙත්‍රයේ වසර 4 ක අත්දැකීම් රැසක් ද සහිතව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.

 



අදහස් (2)

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිධූරය මේජර් ජෙනරාල් උදය නානායක්කාරට

සමන්ත Tuesday, 13 July 2021 09:05 PM

ඇයි? මේ රටේ පරිපාලන නිලධාරීන් නැතිද​? මේවා විහිළුනේ. හමුදාවෙන් පැන්‍ෂන් ගියේ යුද්ද කරලා මිසක් දේශපාලනේ කරලා නෙමේනේ. මෙවැනි රටවල් ෆේල් ඝනයට වැටෙනවා. තව දුරටත් ජාත්‍යන්තර ප්‍රජාව පිළිකුල් කරනවා.

:       23       517

rocky Wednesday, 14 July 2021 06:30 AM

මල්වතු සහ අස්ගිරි පාර්ශව වලටත් හමුදාවෙන්ම පත්කෙරුවා නම් ඉවරයිනේ...!!!

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site