
(පාලිත ආරියවංශ)
සිය නැගිණියට පිහියකින් ඇන තුවාල කළේ යැයි සැකපිට පුද්ගලයෙකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තැනැත්තා බදුල්ල දමන්වර පදිංචි 61 හැවිරිදි අයෙකු වන අතර, ඔහුගේ නැගණිය 57හැවිරිදි තැනැත්තියකි.
එම තැනැත්තිය පවත්වාගෙන යන වෙළඳසැලට පැමිණි සැකකරු පිහියෙන් ඇන ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. මෙම දෙදෙනා අතර කලක සිට ඉඩම් ආරවුලක් පවතින බවත්, ගසක් කැපීමේ සිද්ධියක් මීට හේතුවී ඇතිබවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
තුවාල ලැබූ කාන්තාව බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS