IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නුගේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8ක් ගිනි අවි සමග අත්අඩංගුවට

(එච්. එම්. ධර්මපාල)
 
ඉකුත් 28 වැනි දින අලුයම නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහ තවත් ව්‍යාපාරිකයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7දෙනෙකු සහ සැකකාරියක, ඒ සදහා යොදාගත් වාහන 5ක් සහ අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
 
සුපිරි වෑන් රථයක්, මෝටර් රථයක්, යතුරු පැදි දෙකක්, ත්‍රිරෝද රථයක් මෙන්ම දුරකථන 4ක්, පිස්තෝලයක්, ජීව උණ්ඩ 7ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
 
මොරටුමුල්ල, දෙහිවල, මත්තේගොඩ යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ ද සහාය ඇතිව සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල, කොස්ගම, අම්බලන්ගොඩ, අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචි 23-45 අතර පසුවන අය බව අනාවරණය වී ඇත.
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල පදිංචි සුසිල් රුවන් පෙරේරා (38)යන අයය. තලපත්පිටිය පදිංචි ඉන්දික රොෂාන් (40) යන අය දකුණු කොළඹ ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
සැකකරුවන් අද(05) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

නුගේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8ක් ගිනි අවි සමග අත්අඩංගුවට

එච් එමි ධර්ම පා ල Monday, 05 August 2019 12:41 PM

කොහුවල පොලීසිය දිලීප පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එච්.එම්. සිරිවර්ධන මහතා ඇතුලු පොලිස් නිලධාරීන් ගේ දක්ෂතාවය නිසා ඉක්මනින් සිදුවූ යහපත් සත්කාරක සමාජසේවා කටයුත්තක් වේ. නීතිය ක්‍රියාත්මක කරන කටයුතු ඉක්මණින් සිදුකර අගතියට පත් අයට සාධාරණයක් ඉටුකළ යුතූයි.

:       1       155

buddhika Monday, 05 August 2019 02:27 PM

පොලිසියේ වැඩ කරන හොද අයත් ඉන්නවා ස්තුති!

:       0       155

kolam boss Tuesday, 06 August 2019 02:40 AM

මේ අත්අඩංගුවට ගැනීම කරන්න නීතිපති උපදෙස් පැතුවද ? නැත්නම්

:       0       1

himal Tuesday, 06 August 2019 04:08 AM

සුපිරි වෑන් රථයක් කිව්වේ සුපර් මෑන් වැඩ දාන්න පුළුවන් කියලද?

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site