(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සතු රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාසයක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
එම සිද්ධිය සමඟ නඩු බඩු කාමරයේ සේවය නිරතව සිටි කාර්යාල කාර්ය සහායකයෙකු මේ දක්වා සේවයට වාර්තා කර නැතැයි පොලිසිය කීය.
ඉකුත් සැප්තැම්බර් මස 4 වැනිදා දඩ හා ඇප මුදල් වශයෙන් අධිකරණයට ලද එම මුදල් මුදල් භාර නිලධාරියා එදිනම සවස රෙජිස්ටාර්වරයාට ලපා දී තිබූ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිසිය කීය.
ඔක්තෝම්බර් මස 06 වැනිදා නුගේගොඩ අධිකරණයේ ගිණුම් අංශය වෙත බැංකුවෙන් ලද සැප්තැම්බර් වාර්තාවේ සැප්තැම්බර් 5 වැනිදා රෙජිස්ටාර්වරිය කාර්යාල කාර්ය සහයකවරයාට ලබාදුන් බව කියන රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාහසයක මුදල් සටහන් නොවීම සම්බන්ධයෙන් රෙජිස්ටාර්වරයාගේ අවධානය යොමු කිරීමේදී මෙම මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය වී ඇතැයි උසස් නිලධාරියෙකු පැවසීය.
ඒ සම්බන්ධයෙන් රෙජිස්ටාර්වරයා කාර්යාල කාර්ය සහයකවරයාගේ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඔහුට බැංකුවේ තැන්පත් කිරීම සඳහා ලබා දුන් මුදල් සියල්ල නිසි අයුරින් තැන්පත් කළ බව යැයි එම නිලධාරියා කීය.
බැංකු වාර්තා පරීක්ෂා කිරීමේදී එම කාර්යාල කාර්ය සහයකවරයා සැප්තැම්බර් 5 වැනි දින බැංකුවේ තැන්පත් කර ඇත්තේ සැප්තැම්බර් 3 වැනිදා ඔහුට රෙජිස්ටාර්වරිය ලබාදුන් මුදල් බව එම වාර්තා පරීක්ෂා කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කීය.
COMMENTS
වැටත් නියරත් ගොයම් කානම්....
මොකුත් කියන්න බැහැ අධිකරණයට අපහාසයක් වෙයි කියලා. ඒත් නිකමට වගේ කියන්නේ මේ මුදල් අවභාවිතව, මහජන මුදල් අපයෝජනය ගැන නඩුකාර හාමුදුරුවන්ටත් උසාවි යන්න වෙයිද ?
හැමතැනම හොරු
හොරකම් මඩින්න පිළියම් යොදන තැන සොරුන්ට දඩුවම් කරන තැන, හොරකම් වෙනවා නම් අනේ අපිට ගිය කලක හැටි කියා ලත වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?
හොදම වැඩේ. නූතන තාක්ෂණය භවිතා නොකර සුද්දා හදලා ගියපු ක්‍රමේම කලු සුද්දෝ කරන් යන නිසා තමා මේ ගැටලු ඕක්කොම.. එකෙක් ඉන්නවා ගිරිය යටින් කෑගහන. නූතන තාක්ෂණය වන මයික් ගැන කිසිම අවභෝදයක් නැත. ඔතන ඉහළම පුටුවේ ඉන්න කෙනා කියන මෙලෝ මගුලක් පිටිපස්සේ ඉන්න අයට ඇහෙන්නේද නැත.