
(ඉන්දිකා රාමනායක)
ගිනි ගැනීමට ලක්වු එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ හානිය නිරීක්ෂණය කිරීම සදහා එහි ගැලවුම්කාර සමාගමේ නියෝජිතයන් තිදෙනෙකු අද (9) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පවසයි.
මෙම කණ්ඩායම නැවට ඇතුලු වී එහි හානිය නිරීක්ෂණ කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ගින්න පැතිරයාමෙන් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ අවදානමක් මෙතෙක් සිදුකළ නිරීක්ෂණයට අනුව දක්නට නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd