(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ බාල වයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධියේ සැකකාර ග්‍රාම නිලධාරිනිය, දැරියගේ සුළු මව සහ දැරියගේ පියා ජනවාරි 30 දක්වා යළි බන්ධනාගාර ගතකරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (16) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනිය වන ආර්.එම්.නිල්මිණි රත්න කුමාරි (30), ඇගේ සහෝදරිය වන මීරිගම ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. මානෙල් රත්න කුමාරි(35) සහ දැරියගේ පියා වන ජමාල්දීන් අබ්දුල් රොෂාන් (40)යන තැනැත්තන්ය.
නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, ප්‍රදේශයේ මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.හුසයිර් මහතා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දීමෙන් එවැනි මහජන කැළඹීමක් ඇති නොවන බැවින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙසයි.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් යළි බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය. කොටවෙහෙර පොලීසිය නඩුව පවරා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd