
(*** නිමන්ති රණසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “පොඩි ලැසී” නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ලබා දෙන මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කර විවිධ වර්ණයන් යොදා ගනිමින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළී වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (31) ප්‍රකාශ කළේය.
අම්බලන්ගොඩ ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් නිල් පැහැයෙන් ද ගාල්ල ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් කොළ පැහැයෙන් ද සහ වැලිගම ප්‍රදේශය වෙත බෙදාහරිනු ලබන හෙරොයින් කලු පැහැයෙන් ද යුක්ත දවටනවල ඔතා මෙම බෙදාහැරීම සිදුකර ඇති බවත් ජාවාරම්කරුවන් සිදුකරන මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
යම් අවස්ථාවක මෙම ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් කාගේ ඒවාදැයි සැකකාර නාකොටික් නිලධාරීන් හඳුනා ගන්නේ මෙම වර්ණයන් අනුව බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එසේම, මෙම සැකකාර නාකොටික් නිලධාරීන් කිසිදු අවස්ථාවක හෙරොයින් වැටලීම් සිදුකර හෝ අධිකරණයට කරුණු වාර්තා කරන අවස්ථාවකදී හෝ මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කර නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 24 වැනිදා ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමේදී සොයාගත් හෙරොයින් සහ ආයුධ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම ජාවාරම්කරුවන් ප්‍රදේශ අනුව මෙම හෙරොයින් බෙදාහැර ඇති අතර පොඩි ලැසී නමැත්තාගේ අනන්‍යතාව පෙන්වන ලක්ෂණයක් ලෙස මෙලෙස වර්ණ ගන්වා බෙදාහැර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පොඩි ලැසී නමැත්තාගේ මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටි උදාර සම්පත් නමැති ඔහුගේ ඥාති සහෝදරයා වන අතර ඔහු ද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාකොටික් නිලධාරින්ගේ ‘කුඩු’ පොඩිලැසී පාටකර හැමතැනම බෙදලා