IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ධීවර අමාත්‍යාංශයෙන් කාර්යසාධක බලකායක්

(දසුන් රාජපක්ෂ)

ධීවර කර්මාන්තයේ බලගැන්වීම සඳහා කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ධීවර කටයුතු අන්තර් සම්බන්ධයක් යටතේ සිදුකිරීම සඳහා මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (21) සඳහන් කළේය.

මෙම කාර්යසාධක බලකාය සඳහා ධීවර දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජල ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනය, ධීවර වරාය සංස්ථාව, ධීවර සංස්ථාව, නෝර්ත් සී ආයතනය හා සී-නෝර් පදනම සම්බන්ධ කරගත් බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.

මෙම කාර්යසාධක බලකාය මගින් ශ්‍රී ලංකාවට අයත් කිලෝමීටර් 1700 ක මුහුදු සීමාව සහ ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 500,000ක් ආවරණය වන පරිදි මත්ස්‍ය සම්පත් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

ධීවර අමාත්‍යාංශයෙන් කාර්යසාධක බලකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site