IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දොළුව ක්‍රීඩාපිටිය කොන්ක්‍රිට් දාලා

(සුරංග රාජනායක)

ගම්පොල දොලුව හලියද්ද ක්‍රීඩාපිටිය මැද කොන්ක්‍රීට් දමා මුරකුටි සකස් කොට එම ක්‍රීඩා පිටිය අල්ලා ගැනීමට ගත් උත්සාහයට විරුද්ධ වූ ප්‍රදේශයේ තරුණ පිරිස එම කොන්ක්‍රිට් ඉවත්කරන තුරු ඉන්දියානු ජාතිකයන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිස රඳවා තබා ගත්හ.

මෙම තරුණ පිරිස කියා සිටියේ ප්‍රදේශයේ පාසල් හතරක දරු පිරිසකට හා දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මෙන්ම අවට ගම්මාන 15ක පිරිසකට ඇති එකම ක්‍රීඩාපිටිය ප්‍රයෝජනයට ගන්නා බව කියති.

රාත්‍රියේ නමයට පමණ ඉදිකිරීම් යන්ත්‍රයක් ගෙන්වා එම කොන්ක්‍රීට් තට්ටුව ඉවත් කරන ලදී.

මේ පිළිබඳව දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මියගෙන් කළ විමසීමේදී ඇය පවසා සිටියේ ඉන්දියන් සමාගමක් හා විදුලිබල මණ්ඩලය එක්ව සිදුකරන ව්‍යාපෘතියකට මෙම ස්ථානය ඉල්ලා ඇති බවයි. දිස්ත්‍රික් කමිටුවේ හා ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ ගත් තීරණයකට අනුව මෙම ක්‍රීඩාපිටියේ කොටසක් ඔවුන්ට ලබා දුන් බවද ඇය කීවාය.

 

 



අදහස් (0)

දොළුව ක්‍රීඩාපිටිය කොන්ක්‍රිට් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site