(සුජිත් හේවාජුලිගේ )
දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරුවූ බව එහි ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි වාර්තාවක් ලැබී ඇති නමුත් ඒ සතුන් තවත් පරීක්ෂණ සඳහා යොමුකර එය ස්ථිරයෙන්ම තහවුරු කර ගන්නා ලෙසට සත්වෝද්‍යාන බලධාරීන්ට තමා උපදෙස් දුන් බවයි.
වාර්තාව කෙසේ වුවත් එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනා සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් ආසාදනය විය.
කෙසේ වෙතත් එම සතුන් දෙදෙනා මේවනවිට සුවය ලබා සිටින බව එහි නිලධාරීහු පවසති.
සත්වෝද්‍යාන විවෘත කිරීමට සෞඛ්‍ය අංශවලින් අවසරය ලැබී ඇතත් කොවිඩ් අවදානම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් විවෘත නොකිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලන්ම සිංහල පක්ෂ, පාට නොබලා බේරාගත යුතුයි.
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගවයන්, ඌරන්, කුකුළන්, එළුවන් වගේ කෑමට ගන්න සතුන් පරීක්ෂා කරලා කියන්න කොරෝනා තියෙනවද? නැද්ද? කියලා... ස්තුතියි...
එහෙනම් දෙහිවලින් නතර වෙන්නේ නැහැ. දියවන්නාවටත් යනවාම තමයි.