(සුජිත් හේවාජුලිගේ)
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර භාරදී අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ පළාත් සභාවල මේ වසරේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවට සියලුම පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන ඇමැතිවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය, පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීමට තම පූර්ණ දායකත්වය යොදවන්නැයි ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.
වතුකරේ ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
දෙමළ ජාතික සංවිධානය උතූරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට (විශේෂයෙන් ඉඩම් ප්‍රශ්නයට) අයවැයට පෙර විසඳුමක් ලබා නොදුන්නොත් අයවැය පරාජය කරන බවට කල ප්‍රකාශයට පිළිතුර වශයෙන් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශය කල බවට සැළකිය හැකිය. එයින් හැඟෙන්නේ අයවැය පරාජය කර ඒකාබද්ධ විපක්ෂය සමග සභාග ආණ්ඩුවකට හෝ භාරකාර ආණ්ඩුවකට යාමට ජනාධිපතිවරයාගේ සූදානමක් නොමැති බව වන අතර මේ සභාග ආණ්ඩු කතාව ඒකාබද්ධයේ හෝ එයට සම්බන්ධ වීමට බලා සිටින 16කල්ලියේ අත් රෝලක් බවයි.
රට විනාශ කරලා.. ගියා නම් ඉවරයි
මෙයාලා ඉන්දියාවේ හා දෙමල ඩයස්පෝරාවේ වහල්ලු වෙලා, මේ ඉඩම් නැතිවට තව කොච්චර ඉඩම් තියෙනවාද වන්නියේ උතුරේ බෙදාදෙන්න. හමුදාව අස්සෙම ඇඟිලි හගන්න ඕනය?
ඉඩම් යලි දෙන එක හොද දෙයක්. පුලුවන් තරම් ස්වයං රැකියා, ව්‍යාපාර සහ රැකියා වලට මිනිස්සු යොමු කරන්න. ඒවගෙම පහසුකම් ඒවත් දෙන්න. ඒවගෙම මේ මිනිස්සුන්ට කියන්න උතුර සසදන්න එපා කොලඹට.... මෙකයි වැරදුණු තැන. මොකද රටේ අනිත් පැති බෝහෝමයක මිනිස්සුත් දුක් විදිනව සහ ඔවුන්ටත් කොලඹ හෝ නාගරික පහසුකම් නොමැති බව තෙරුම් කරලා දෙන්න පුලුවන් නම් මේ උතුරේ ගැටලු යලි ඇති වෙන්නේ නෑ.
උතුරේ පන්සල් බූමිත්නිදහස් කරාවිද ?
මැතිවරණය අත ලඟයි වගේ...!
ජනවාරියේ කියයි උ/නැ විග්නේශ්වරන්ට මුදා හරින්න නැත්නම් මට ආයේ ඡන්දෙ දිනන්න බැරිවෙයි කියලා.
මෙතන කොමෙන්ට් දාන අයගේ පාරම්පරික ඉඩමක් ආණ්ඩුවෙන් අවුරුදු ගාණක් අල්ලගෙන හිටියම බලන්න තිබ්බා රඟේ. ඇයි විරුද්ධ වෙන්නේ මේ අයගේ අයිති ඉඩම් ඒ අයට දෙනවට? රටේ යුද්දයක් නැත්නම්, ඇයි දෙන්න බැරි.. තමන්ගේ ඉඩමෙන් අඟලක් පාරකට දෙන්න බැරි පොරවල් දේශප්‍රේමීන් වෙලා...