(විනීතා එම් ගමගේ)
රජයේ අවශේෂ කැළෑ දිසාපතිවරුන්ගේ බලතලවලින් ඉවත්කර වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරමින් නිකුත් කර ඇති 05/ 2001 චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය කියයි.
විවිධ සංවර්ධන හා වෙනත් ක්‍රියාකාරකම් සඳහා ඉඩම් වෙන්කිරීමේ දී සිදුවන වන වන විනාශයන් වළක්වා ගැනීමේ අරමුණින් 2001 වසරේ දී අනෙක් අමාත්‍යංශවල ද එකඟතාව ඇතිව පරිසර අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය අහෝසි කිරීම විශාල වන විනාශයකට හේතු වනු ඇතැයි ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු මහතා ලංකාදීපයට පැවැසීය.
පසුගිය කාලය තුළ සිදුවූ වන විනාශයන් දෙස බැලීමේ දී, වන විනාශයන්ට එරෙහිව කටයුතු කරන සංවිධාන විසින් නීතිමය පියවර ගත් බොහෝ අවස්ථාවල දී නීති කර්තව්‍යයන් පහසු වූයේ මෙකී චක්‍රලේඛය හේතුවෙන් යැයි ද කොඩිතුවක්කු මහතා කීය.
රක්ෂිත හා අවශේෂ වනාන්තරවලට අයත් ඉඩම් විවිධ දේශපාලන හා බලවත් ව්‍යාපාරික කණ්ඩායම් විසින් මංකොල්ලකෑමේ ක්‍රියාවලියන් පාලනය කර ගැනීම සඳහා රජය අපොහොසත් වනවිට පරිසර සංවිධානය නීතිමය අවියක් සේ යොදාගත්තේ මෙම චක්‍රලේඛය බැවින් එම චක්‍රලේඛය අහෝසි කිරීමට තැත්කිරීම පිලිබඳව අප්‍රසාදය හා විරෝධය පළකරන බව ද හෙතෙම කියාසිටියේය.
සෞභාග්‍ය දැක්මෙහි සඳහන් වන පරිදි මෙරට වනගහනය මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට තිහක් දක්වා වැඩිකිරීමට බලාපොරාත්තු වන අතර රජයේ පූර්වගාමී පාලන කාලයන් සඳහා වූ ප්‍රතිපත්ති වල ද ඉතා පැහැදිලි හා සුවිශේෂී ලෙස සටහන් කර ඇතත් මේ සියලු පූර්වාදර්ශයන් පසෙකලා කඩිමුඩියේ මෙම චක්‍රලේඛය අහෝසිකිරීමට තැත් කිරීම රජයේ ප්‍රතිපත්තිවලට පටහැනි බව ද ඔහු පෙන්වා දුන්නේය.
වනජීවී කලාප සංරක්ෂණය වන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කරගත් සමබර ක්‍රියාකාරි සැළැස්මක් සඳහා සියලු පාර්ශවයන් එකඟ වන තුරු මෙම චක්‍රලේඛය අහෝසි නොකරන මෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව ද කොඩිතුවක්කු මහතා තව දුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 21
48
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
154
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දිසාපතිවරුන්ගේ බලතලවලට කැළෑ පැවරූ චක්‍රලේඛය අහෝසි කරන්න යයි
සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 June 2020 11:57 AM
පෙර පින්කොට මනුෂ්‍ය ආත්මයේ ඉපදී මොළගෙඩි වලින් වැඩ නොගෙන දේශපාලකයන් වන්දනාමාන කරමින් අන්ධ වී ඔවුන්ගේ නැට්ටේ එල්ලී යන මිනිසුනේ...!!! දැන් හෝ දෙනෙත් විවරකර බැලුවොත් හොඳයි.. නුඹලාගේ ඉදිරි පරම්පරාවන්ට ඔක්සිජන් බිඳක් හෝ ලැබෙන්නේ, ජීවත් වීමට ලැබෙන්නේ මේ වනාන්තර, තුරුලතා තිබුණොත් පමණයි.. ඒ නිසා නුඹලා තවත් නින්දේ සිටියොත් නුඹ අප සැමගේත්, ඉදිරි පරම්පරාවන් වලත් අවසානය වැඩි ඈතක නොවේ. අමිහිරි එහෙත් පිරිසිදු සත්‍යය එයයි... !!!