IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට

(විනීතා එම් ගමගේ)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින්  වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොනේනරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයි ද උපුල් රෝහණ මහතා කීය.

මේ ආසාදිතයින් ඇසුරු කළ 3000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිසක් ද ඒ අතර ඇතැයි කියා සිටියේය.

කෙසේ වෙතත් කොවිඞ් 19 රෝගය පැතිර යාමේ අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, මුහුණු ආවරණ පැළඳීම, දෑත් නිරන්තර පිරිසිදුව තබා ගැනීම සහ සෙනග ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් අත්‍යවශ්‍ය යැයි ද ඔහු පෙන්වා දුන්නේය.  

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site