(නිමන්ති රණසිංහ)
පවතින කොරෝනා තත්වය හේතුවෙන් අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර අද (12) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
අඅම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, විහාර පටුමඟ , විහාර මාවත, කප්පර පල්ලිය පාර
සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්, කෝවිල් වත්ත කොටස
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම
යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ, වඩමාරච්චි උතුර මෙසේ හුදකලා කර ඇත
හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර පොලිස් බලප්‍රදේශයේ, කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බලප්‍රදේශයේ, කැටබුලාව මධ්‍ය කොටස
්

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.