(ඩයනා උදයංගනී)
දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සොයා වැරදි කළ අයට දඬුවම් කිරීම වෙනුවට පණිවුඩකරුවන් දඩයම් කරන්නාක් මෙන් දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නටයාම අනුමත කළ නොහැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ආණ්ඩුවක් නොවන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම, මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබියදීත් එහි නිලධාරීන් ලංකාදීප පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක් බව ද ඇමතිවරයා කීවේය.
එබැවින් ඒ සම්බන්ධයෙන් මෙන්ම හෙළිවී ඇති දූෂණ වංචා පිළිබඳව ද පරීක්‍ෂණ කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (30) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
“දූෂණ වංචා සෙවීම වෙනුවට පණිවිඩකරු දඩයම් කිරීම අනුමත කරන්නේ නෑ’’
fairoos Thursday, 30 September 2021 06:39 PM
හා... අපිද කරගන්න ඕනේ ඕක..? ආණ්ඩුවක් ඕනෑ එහෙනම්...
BamunuarachchiFriday, 01 October 2021 06:29 PM
ඕක කරන්නේ අපරාද පරීක්ෂණ දෙපාර්මේන්තුව. ආණඩුව කාගේද කියන සී අයි ඩී අදාළ නැහැ. සී.අයි.ඩී එකේ වගකීම ඕනෑම රජයක් අපහසුතාවයකට පත්කරන කතා ඇත්තද කියලා සොයා බලන එක... එහෙම ගෙන්වලා කතාකරලා මාධ්‍ය නිවැරැදිනම් කණගාටුයි කියලා යවනවා. ගිය ආණ්ඩුව කාලේ ත්‍රස්තයින් බේරාගෙන ගිය ගොයියන් දැන් ඔන්න රිමාන්ඩ් එකේ ලගිනවා. අන්න සී.අයි.ඩී එකට ගොයියන් ඇඟිලි ගහපු කාලේ...
wahaldeepe Thursday, 30 September 2021 07:22 PM
පුදුමයි.. මොකක්ද දන්නේ නැහැ යටි අරමුණ ..?
Nirmal Thursday, 30 September 2021 09:22 PM
පිටරට අය ඇවිත් මේ කරන අත්අඩංගුවට ගැනීම් අපිත් අනුමත කරන්නේ නෑ...
දාස Friday, 01 October 2021 05:20 AM
මේ ඔක්කොම උඩින් මිනිසුන්ට පේන්න යටින් පනිවිඩ කාරය මෙල්ල කරන වැඩේ තමයි කෙරෙන්නෙ, බොරු ටෝක්ස් දෙන්න එපා ලමයො.
Bamunuarachchi Friday, 01 October 2021 07:46 AM
මේක දඩයම් කිරීමක් නොවෙයි කිව්වේ ඇත්තද කියලා සවිස්තරව දන ගැනීමක්. නැතිනම් ඕනෙම බොරුවල් ලියලා කුමන හෝ රජයක් අපහසු තත්වයකට පත් කිරීමට පුළුවන්.
sachith Friday, 01 October 2021 08:38 AM
හොද දෙයක් හැබැයි කියන කෙනා තමා අවුල
Sunil Friday, 01 October 2021 09:29 AM
එය කරන්න ඇත්තේ පාලකයන්ගේ අනුදැනුම පිටයි.
Perera Friday, 01 October 2021 11:08 AM
අප්පේ.. හැබෑට? පුරාවිද්‍යා ගොඩනැගිලි ඩෝසර් කරන ඒවා නම් අනුමත කරනවා නේ... අනේ නිකන් යන්න.
nimelen Friday, 01 October 2021 12:17 PM
දෙමල හිරකරුවන් නඩු දාලා..දැන් කියාපල්ලා දෙමල හිරකරුවන් බොරු කියන්නේ..ලන්කාවෙ ප්‍රතිරූපය වට්ටන්න කියන බොරු කියලා...ඔව්වා පිලිගන්නේ කොන්ඩේ බැඳපු චීන්නු විතරයි
BamunuarachchiFriday, 01 October 2021 06:18 PM
ඇයි අමුඩ ගහපු ප්‍රභාකරන් පිළිගන්නේ නැද්ද..?