IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 10500ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි .

මෙම හිඟ බදු මුදල සම්බන්ධයෙන් වාර්තාවක් මාස 2ත් 5ත් අතර කාලයේදී ලබා දෙන්නැයි එම කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය .

හිඟ බදු මුදල් අය කර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කාරක සභාව මීට පෙර දැනුම් දී තිබූ අතර එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණ .

ලෙජසි පද්ධතියට අනුව 2021.3.30 වැනිදාට හඳුනාගත් ආයතනවලට අදාළ හිඟ බදු මුදල රුපියල් කෝටි 1800ක්ද රමිස් පද්ධතියට අනුව 2021.3.31 දිනට හඳුනාගත් ආයතන වලට අදාල හිඟ බදු මුදල රුපියල් කෝටි 8700ක්ද වශයෙන් විගණන වාර්තාවේ දැක්වෙන බව එම කමිටුවේ නිලධාරීහු පවසති.

ලෙජසි පද්ධතියට අදාළව අයකරගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කරගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කරන්නැයි ද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.



අදහස් (3)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 10500ක පොල්ලක්

ase Tuesday, 27 April 2021 10:24 AM

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි ." වරාය නගරයට යමු. එතකොට ඔය කෝප් කෝපා වලට කොකා හා හා

:       0       8

sharm warn Tuesday, 27 April 2021 11:53 AM

තෝරු, මෝරුද? හාල් මැස්සොද මේ අල්ලන්න යන්නේ?

:       0       2

ranjith Tuesday, 27 April 2021 01:20 PM

මේක පොඩි මිනිහාම සූරාකන රටක් වෙලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site