
(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.
මේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.
මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
මින් වැඩිදෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද දැනගන්නට ඇත.
මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.
පවතින ආර්ථික තත්ත්ව යටතේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර ඔවුන්ගේ සේවය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමටද රජයේ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවයේ යොදවා සිටින පිරිස් සිටී නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති වගකීමක් බවයි.
COMMENTS
ප්‍රධාන පක්ෂ දෙකම මෙච්චර කාලයක් කළේ තම හෙන්චයියන් ගෙන රාජ්‍ය ආයතන පුරවපු එක. දැන් ඔය රතු ගාගෙන ඉන්න අය කළේ රටපුරා වැඩ වර්ජන කරකර රට බංකොලොත් කරපු එක. ඔන්න දැනට පවතින පක්ෂ තුනේ පැටිකිරිය...!
සියලු හොර වැඩ පසුගිය රජය... මේ රජය බබාලා....
"මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ." මෙම වාක්‍ය නම් මධ්‍යස්තව සිතීමට ඥාණය තිබෙන මිනිසුන්ට "අවංකවම කිසිසේත්ම පිළිගැනීමට නොහැක." මක්නිසාදයත් දශක කීපයක සිටම අප රටේ දියවන්නාව පට්ටියේ බලය ලබාගත් මිහරකුන් සෑම දෙනෙක්ම තම තමන්ගේ පක්කලියන්, බෝලකාරයින් තම අභිමතය පරිදි සේවයට බඳවාගෙන මහජන මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කළ බව නොරහසකි. දැන් බලයේ ඉන්න හරකුන් කරන්නෙත් එයම නොවේද..?.