(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව රනිල් වික්රමසිංහ මහතා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් වික්රමසිංහ මහතා අගමැති නොකිරීමට තමන් තීරණය කලේ ඔහු සමඟ ඇති පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා වීමට 2014 වසරේ ගත් තීරණය මෙන්ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ද නිවැරදි දේශපාලන තීන්දුවක් ජනාධිපතිවරයා කියා සිටියේය.
මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීන්දුව ඊයේ දිනට, අද දිනට මෙන්ම හෙට දිනටත් නිවැරදි බව කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එය කරනු ලැබුවේ රට බේරාගැනීමේ අරමුණින් බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් අගමැති කරන්නේ නැහැ. හේතුම ඔහුගේ හා මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසායි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (4) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමිනි.
‘තීරණය රට වෙනුවෙන්’ යන තේමාව යටතේ මෙම සම්මේලනය සංවිධානය කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබී ඇති නමුත් තවමත් අවසන් තීන්දුවක් ලැබී නැතැයි කී ජනාධිපතිවරයා එම දේශපාලන නඩු පිළිබඳව අධිකරණය ලබාදෙන අවසන් තීන්දු තීරණ තමන් ගෞරවයෙන් භාරගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.
නමුත් ජනතාව අධිකරණය පිළිබඳව දරන මතය විවිධාකාර බව ජනාධිපතිවරයා පැවසීය.
දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට තමන් එම තීන්දු දෙකම ගත් බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේය.
2015 ජනවාරි 9 වැනිදා තමන් ඉදිරියේ දිවුරුම් දුන් රනිල් වික්රමසිංහ මහතා එදා ලක්‍ෂ 62කට වැඩි ඡන්දයෙන් බිහිකළ පවිත‍්‍ර, යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළ බවත් එය වසර තුන හමාරක් තිස්සේ ඉවසමින් තමන් ආ ගමන ලේසි පහසු නොවන එකක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඔහු ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කිරීම හදිසි තීන්දුවක් නොව වසර තුන හමාරක් දුෂ්කර ගිරි දුර්ගයක ගමන් ගනිමින් ගත් තීන්දුවක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, රට, එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම තමාව ද විනාශ කළ බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලට දිය හැකි පිළිතුර වූයේ ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීම බව ද කීවේය.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත දක්‍ෂිණාංශික ලිබරල්වාදී වැඩපිළිවෙලෙහි කුණුගොඩක් බවට රට පත්නොවිය යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
පක්‍ෂය ගොඩනැගුණේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඇතුළු නායකයින්ගේ මෙන්ම පක්‍ෂය සමඟ සිටි කම්කරු හා වෘත්තීය සමිති නායකයින්ගේ ලෙයින් හා කඳුළින් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.
ඡායාරූප සහ විඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ මහත්තය කියන කිසිම දෙයක් විශ්වාස කරන්නට බැහැ.
ඊයේ කිව්වේ පැය 24න් විසදනවා කියලනේ. ඔවා එක්කෝ කොහේ හරි ලියලා තියගන්න ඉක්මනට අමතක වෙන නිසා මහත්තයෝ. තමන් විසින්ම තමන්වම විනාශ කරගන්න චරිතයක් දැක්කමයි.
කවට අන්දරේට පසු පහලවූ හොඳම දේශපාලන විහිලුකාරයා....සහ නූතන සිරිලoකා බයිලා රජු.....
ඔහේ පරිනත මහජන නියෝජිතයෙක් කියල නේද කියන්නේ ??? නමුත් අපි සාමාන්‍ය පුරවැසියන් හැටියට මේ සුත්තර පුංචව හොදහැටි හදුනනවා...මෙයා විතරක් නොවේ ඔහේ ඇතුළු ගවයන් 225 ම අපනම් හොදින් හදුනනවා තේරුනාද ,මේ අපේ බදු මුදල්වලින් සුර සැප විදින අපේ රටේ මුල් පුරවැසිය ට මේ අපි කියන්නේ. " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " යන අරුත්බර ගීතය් සිහි කරමින් මෙසේ පවසන්නෙමු... තම උපන් මාතෘ දුමියට අවංක වෙයව් නිල් , කොළ ,රතු පාදඩයනි..... නැතිනම් තොපේ පව්ල්වලටත් සාප වෙනවා නියතය.
සත පහකට විස්වාස කරන්න බෙහෙ අපේ ජන්දිපතිව
ඔව් ඉතින්, පටන්ගත්ත ඒකාම තමයි ඕක නවත්තන්න ඕන. අපි කරපු මගුලක් නෙමෙයිනේ.
ඔබවත් දේශපාලනයෙන්ම අතුගා දැමීමට කාලය එලබී ඇත.
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවලු නේද ? හැම ලිබරල් වාදියෙක්ම දේශපාලනයෙන් වහාම අයින් විය යුතුය් . ඒ අය අගමැති වීමට සුදුසු නොවේ . ඒ එක්කම දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව ගොනු කල නඩු ටිකට මොකද වුනේ කියල කව්රුත් දන්නේ නැහැ නේද ? මේ හැමදේකටම හේතුව ඒකයි කියලා නම් මහජනතාව දන්නවා . සොරි අසුචි ගොඩවල් කොළයෙන් වැහුව්වාට ගද ගහන එක වලක්වන්න බැහැ.
මේකත් අර "කුඩු කාරයෝ එල්ලනවා, අවීචි මහ නරකාදියට ගිහිල්ල හරි දුෂිතයන්ට දඬුවම් දෙනවා, රාත්‍රී 12 ට කටුනායක ගේට්ටු වහල හොරු රටින් පනින එක නවත්වනවා, අලුත් පක්ෂයක් හදල බලමුකෝ " වගේ පොරොන්දුවක්ද? නිමල් සිරිපාල මහත්තයට හරි චමල් රාජපක්ෂ මහත්තයට හරි අගමැති කම දීල මේ අවුලෙන් ගොඩ එන්න නම් පුළුවන් වන එකක් නැහැ.
ඔය පුංචි මොලේට තේරෙන තරම තමා.ඔඪිට වඩා දෙයක් කොහොම බලාපොරොත්තු වෙන්න්ද???
එක එක කෙනාට ඇගිල්ල දිකරන්නේ මේ අර්බුදයේ පටන් ගතේ ඔබතුමා එක මුළු රටම දන්නා කරුණක්.ඒකනිසා ඔබම තම විසදන්න ඕනේ.
අපි ඔය වගේ කතා ඔය කටින්ම වෙන දේවල් ගැන අහලා තියනවා. නමුත් වෙච්ච දෙයක් නැ ගොයිඕ ....හිටන් කියන බොරු හුටන් ල විශ්වාස කරාවි.
225 දෙනාම අත්සන් කලාම නොකලොත් කරන්නේ මොනවද කියලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බව ජනතාවත් දන්නවා.
එක වෙලාවට කියනවා රනිල් ඔහුව ඝාතනය කරන්න කුමන්ත්‍රණ කළයි කියල. තවත් වෙලාවට කියනවා අවුරුදු තුනහමාරක්ම රනිලුත් එක්ක බොහොම අමාරුවෙන් ගත කළා කියල. මහින්දට අඩි හයේ කතාව කිව්වේත් චන්ද දිනන්නලු. බලනකොට මෙයාගේ කටින් පිට වෙන්නෙම බොරුනේ. අද වෙනතුරු රනිල්ට චෝදනා කරනවා මිස, රනිල්ට එරහිව ඇයි නීතිමය පියවර නොගත්තේ? අඩුම තරමින් ඝාතන කුමන්ත්‍රණයට හරි රනිල්ව අත් අඩංගුවට නොගත්තේ ඇයි? කොහොමහරි මෙයා රට අස්ථාවර කරලා පාඩුවෙන් ඉන්නවා.
පක්ෂයේ අනුශාසක වරු දෙන්නෙක්ම ඇවිල්ල නැහැනේ. ජනාධිපති තනතුර ලබාදීමට දර දිය ඇද්ද කට්ටියට ඔහොම අපහාස කරපුඑක ගැනනම් කවුරුවත් හොඳක් කියන එකක් නැහැ.
මිට පස්සේ වැසිකිලියට යන්න ඉස්සෙල්ලා බැලුවොත් හොඳයි සෝදා/පිහිදා ගන්නේ කොහොමද කියලා. මුළු ලෝකෙම ගඳ ගස්සන්නේ නැතිව.
මේ විදියට රට බේරගන්න ඕන සිරිසේන කෙනෙකුට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි.
මට පෙන්නේ මේක ටිකක් ඔඩු දුවපු කතාවක් වගේ ..සමහරවිට ජනාධිපතිතුමාව සමනලුන්ගේ සංගමයට ගන්න උත්සහකලාද කියලත් සැකයි...අනේ මන්ද.
අනේ කවුරුහරි පොතක් ලියල හරි පත්තරේ දාලා හරි පැහැදිලි කරන්නකෝ වැරදි මෙයා කියලා.
ඇයි , අස්කල ගමන් රනිල් බඩුත් අරන් ගෙදර ගියේ නැති හින්දද ? 2001 දී එහෙම කලේ ව්‍යවස්තාවට අනුව, නමුත් අද 19 සංශෝධනය තියෙනවා.
" එකක් කඩතොළු වසාගන්නට ගොසින් මට වුන කාරියා සියක් කඩතොළු හදා දුන්නැයි ............ ආචාරියා"
මහජනතාවට මෙම නිමක්නොමති දිනවකවානු කතා අහලා තිත්තවෙලා තියෙන්නේ.
හදිස්සි වෙන්න නම් දෙයක් නැහැ , ජනතාව සැපෙන් , පක්ෂ පාට නොබලා කටයුතු කල නිසා .
පිටකරන වචනයක් වචනයක් පාසා මොහු පහලටම ඇද වැටෙනවා . මොහුගේ මේ දුෂ්ට විලාශය පරිනත දේසපාලකයන්ට එදා තේරුම් ගන්න නොහැකිවූ දෙය නම් මහා අපරාධයක් ..
සිරිසේන මහත්මයා තවදින 7 කින් ඉල්ලාස්වෙනවද. එහෙම වාසනාවක් කොහෙද තියෙන්නෙ.
මේ කතා කලේ ලංකාවේ ජනාදිපති තුමාද ?
වහාම ජනාධිපතිවරණයක් කැදවන්න පුශ්ණ සියල්ල විසදේවි.
ඔබතුමා කියන කිසිම දෙයක් දැන් විස්වාස කරන්න බැහැ!
බොරු කාරයෙක්.
අතීත අත්දැකීම් අනුව බලනවිට 1988 දී ජනාධිපතිවුනේ ප්‍රේමදාස මැතිතුමා.අගමැතිකමට සුදුසුසන් දෙදෙනෙකු වන ගාමිණී හා ලලිත් සිටියත් දෙදෙනාම ජනාධිපතිගේ අධ්‍යාපන මට්ටමෙන් ඉහල අයනිසා අගමැති කමට පත්කලේ හිටපු සමුපකාර පරීක්ෂක විජේතුංග මහතා.දැනට වෙලා තියෙනෙත් එයමයි.දෙවැන්න රනිල් මේ රටට නොගැලපෙනවා කියන්නෙ එතුමා අනාගතය දකින දියුණුවක් අපේක්ෂකයෙකු නිසාත් රටේ වැඩිදෙනෙක් කන්න දෙනවනම් අපිට බොන්න දෙනව නම් අපිට ගීතයේ ක්‍රමයට ජීවත් වන අයවීමත් නිසාත් කියල හිතෙනවා.
රටේ ඉන්න මෝඩයෝ ටික රැස්වෙලා...
රනිල් අගමැති නොවී එජාපෙ වෙන කවුරු හරි අගමැති වුනොත් , රනිල් ගැන කලකිරී පැත්තකට වෙලා ඉන්න එජාපෙ බහුතර පාක්ෂිකයන් නැවත උද්යෝගිමත් වෙලා 2020 දී තිබෙන ජනාධිපතිවරන පාර්ලිමේන්තු මැතිවරණ වලට සුදානම් වෙන නිසා ඔබතුමාට සහ ඔබතුමාගේ පක්ෂෙට ලොකු අභියෝගයක් වෙනවා , මහින්ද මහත්මය බලයේ ඉන්න කොට නිතරම උත්සහ කරේ රනිල් විපක්ෂ නායක සහ එජාපෙ නායක ලෙස තබාගන්න
අතුගාන තරමට .. තමයි පිරිසිදු වෙන්නේ .. එහෙනම් ඔක්කොම කුණු ඇතුගල දාමු .. !
අර්බුදයට රනිල් වගේම ඒ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඔබ ඇතුළු සැවොම එකසේ වගකිව යුතුයි. රනිල් පිට පටවා ඔබතුමාට නිදහස් වෙන්න නම් බැහැ. හැබැයි දින 7කින් දෙන විසඳුම මොකද්ද කියා දැනගන්න අවශ්‍යයි. අපි දන්න තරමට නම් එකම ප්‍රශස්ත විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැකිවරණයක් කැඳවීමයි.
78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවෙලාවේ ඇන් ඇම් පෙරේරා හෝ කොල්වින් හෝ දෙදෙනාම කියල තිබුන ජනාධිපතිලෙස පිස්සෙක් පත්වුනොත් මොකද වෙන්නේ කියල. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ.
225 ම කැමති උනත් දෙන්නේ නෑ හිට්ලර්ට එහා ගිය ප්‍රකාශයක් ඉතා බරපතලයි මෙය හැදින්විය හැක්කේ ...ශ්‍රී ලංකා ඒකාධිපති රජය ලෙසයි ....!!!
ජනාධිපතිතුමනි, රනිල් රටට නොගැලපෙන නායකයෙක් බව ජනතාව හඳුනා ගත් නිසා තමයි ඔහුව 30 වතාවක්ම ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කලේ. 2005 දී ඒ බව අවබෝධකරගත් ප්‍රභාකරන් රනිල්ට ඡන්දය දීම තහනම් කළා.
පුදුම දේශප්‍රේමීන් ටිකක් තමයි අපිට ඉන්නේ............. ලැජ්ජා නැති අය...............
ජනාධිපතිවරණයක් තියලා පන්නන්න ඕනෑ...
අර්බුදය දින හතෙන් ඉවර කිරීම කෙසේවෙතත් අර්බුදය විසින් ඔබව ඉවර කර ඇතිබව පෙනේ