(නාලක සංජීව දහනායක)
චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදුණු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට තවදුරටත් සොලිස්ටර් ජනරාල් ධූරයේ කටයුතු කිරීමට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (23) පැවසීය.
ඇය එම තනතුරින් ඉවත් නොවන්නේ නම් වහාම ඇය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කීය.
එහිදී මහාචාර්යවරයා මෙසේද කීය.
දේශපාලනඥයන්ගේ උවමනාව මත හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරියක වන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පිළිගෙන තිබෙනවා. නීති හදන්න පුළුවන්කම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි.
නමුත් පාර්ලිමේන්තුව අභිබවා යමින් නීතිය හදන්නත්, අවශ්‍ය පරිදි නීතිය කඩන්නත් ඇයට හැකියාව තිබෙන බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙනවා. ඇය මේ ආකාරයට කටයුතු කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් ලබාගන්නයි. නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල්ධූරය වැනි බාරධූර තනතුරක් හොබවන තැනැත්තෙක් කවදාවත් චූදිතයෙක් සමඟ මේ ආකාරයට සංවාදයේ යෙදෙන්නේ නැහැ.
මේ අනුව ඇයට තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඇය තනතුරින් ඉවත් වන්නේ නැත්නම් වහාම ඇය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසට රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හරි නැට්ටේ එල්ලිලා බොරුවට කෑගහනවා හැර වෙන කිසිම තේරුමක් නැහැ ඕක කියන්න තිබුනේ දැනට සුමාන දෙක තුනකට ඉස්සෙල්ලානේ....
කවුරු මොනවා කිව්වත් අාචාර්ය ශිරාණි බන්ඩාරනායකත් කලේ මේ වගේම අධිකරණය ලැජ්ජා කළ දෙයක් තමායි.ඩීල් දමමින් ඇගේ අක්කාගේ නමින් සෙලින්කෝ ආයතනයෙන් නිවාසයක් ලබා ගැනීම. හිරේ යා යුතු ඇය, අද පොතකුත් අච්චු ගහලා. කාට කියම්ද?
නීතියට බලපෑම් කළා නම් ඒ කවුරුන් දැයි හෙළි විය යුතුය. එමෙන්ම ඔබ පක්ෂයේ අය එසේ නොකළ බවත්, ඉදිරියේ දී නොකරන බවත් අපට තහවුරු කර දෙන්නේ නම් මැනවි.
ඔබතුමාටත් ලැජ්ජාවක් කියල දෙයක් ඇඟේ ගෑවිලාවත් තියෙනවා නම් පොහොට්ටුවේ සභාපති කියන තනතුරේ පඹයෙක් වගේ එල්ලිලා ඉන්නත් කිසිම අයිතියක් නැහැ. මොකද පොහොට්ටුවේ සියලුම දේවල් කෙරෙන්නේ සභාපතිගේ හෝ සාමාජිකත්වයේ හෝ අවශ්‍යතා අනුව නොව එකම පවුලක කට්ටියකගේ උවමනා එපාකම් අනුවයි.
මෙතුමට වයර් මාරු වෙලා වගෙයි....
මහාචාර්යතුමා නීති ඔස්තාර් කෙනෙක් විදියට මෙහෙම කියන්නේ. එතකොට ඔය අපරාධ නඩු වැලකට මාට්ටු වෙලා ඉන්න ඝෝඨාට ජනපති අපේක්ෂකයෙකු වෙන්න අයිතියකුත් නැහැනේද ?
චූදිතයකු සමඟ දුරකථන සංවාදයේ යෙදුණු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට ඇත්තටම තව දුරටත් සේවය කළ නොහැක..! එතුමා සමග කිසිම පැහැදීමක් නොමැති වුණත් එම කතාව මම පිළිගන්නවා... දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය දේශපාලුවන්ට යට නොවී හරියට අවශ්‍ය පුද්ගලයින්ට නඩු පවරන්න තිබුණා. නඩු පැවරූ පසු හරි හෝ වැරදි චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදීම සදාචාරාත්මක නොවේ..
අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමුන් ගැන හිතල බලන්න. මහාචාර්ය උනේ හොරටද?
එහෙම ගත්තොත් ඉතින් තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නැති කට්ටිය මොනතරම් ඉන්නවද? ඔය යසඅගේට අවුරුදු පහෙන් පැන්ෂනුත් හදාගන්නේ ලක්ෂ ගණන් වලින්...
මෙතුමාලමනේ කීවේ අැවන්ගාඩ් නීත්‍යානුකුලයි කියලා. එහෙමනම් සේනාධිපති චුදිතයෙක් කියල කියන්නේ කොහොමද? මේ වගේ තමන්ගේ වාසියට ඕනෑම වැඩක් කරන අය ඇත්තටම රටටම නින්දාවක්.
මෙයා මහාචාර්ය වුනාට වැඩක් නෑ......