IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වූ බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිසන් සභාව අද (24) තහනම් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ බව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් අද සවස දුරකතන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ යැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පවත්වන දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.

සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ එම ආන්දෝලනාත්මක දුරකතන සංවාදය හේතුවෙන් මෙම පියවරයන් ගනු ලැබීය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරික්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් පසුගිය 23 පස්වරුවේ ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව  දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කරන ලදී.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ මෙම ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බවත් එහි ඇති හඬ තමාගේ බවත් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් නීතීපතිවරයා හමුවේ පිළිගෙන ඇති අතර නීතීපතිවරයා ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂමට දැනුම් දී ඇති අතර වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කරන ලද පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී සඳහන් කළාය.

එමෙන්ම සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය  සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණයක් සිදුකරන ලෙසද නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.

නීතීපතිවරයාගෙන් පසු නීතීපති දෙපාර්තමෙන්තුවේ සිටි ඉහළම තනතුර දැරූ නිලධාරිණිය වුයේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය බවත් ඒ හේතූවෙන් ඇය සම්බන්ධයෙන් වෙනත් කණිෂ්ඨ නිලධාරියකු ලවා පරීක්‍ෂණයක් සිදුකළ නොහැකි වීමත් ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් සිදු කරනවානම් එය කළ යුත්තේ නීතීපතිවරයාම වීමත් සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයාගේ රාජකාරී අධික වීම හේතු කරගෙන වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය පැවැත්වීම රාජ්‍ය සේවා කොමිසමට පවරන ලදී.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා කළ ඉල්ලීම පිළිගත් රාජ්‍ය සේවා කොමිසන් සභාව ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර ඇගේ වැඩ තහනම් කර ඇති අතර ඒ බව දුරකථන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇත.

 

 

 

 

 



අදහස් (4)

දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කරයි

මිගෙල් Tuesday, 24 September 2019 02:33 PM

කෙලවෙගන එද්දී රට පනීද දන්නේ නැහැ.

:       0       0

Ariyathilaka Wednesday, 25 September 2019 05:23 AM

විලි බිය සිඳුනු රජ මැති ඇමති පොදි බැඳී..... සට කම බොරුව ඇත බැස පාලනයේ රැදී.... මහජන බදු පතින් නිල බල සුවය විඳී..... සුදු කරපටි සොරුන් යුක්තියේ සවිය බිඳී....

:       0       12

Ksc Wednesday, 25 September 2019 01:38 PM

දේශපාලකයෝ පම්පෝරි ගහපු ස්වාධීන කොමිෂන් සභාවල කෙරුවාව කෝ?

:       28       0

lalithm Thursday, 26 September 2019 02:52 AM

කට පරිස්සම් කරගන්න බැරිකම. මොන තරම් ලොක්කියෙක් වුනත් ගමේ ලිඳ ළඟ කතා වෙන විදියට හැසිරිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්
2025 මාර්තු මස 23 3288 18

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්


දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා
2025 මාර්තු මස 22 5195 30

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 2551 17

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


වාරියපොළදී ගුවන් අනතුරක්
2025 මාර්තු මස 21 5208 9

වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වේ
2025 මාර්තු මස 20 3154 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.


පුංචි ඡන්දය මැයි 06
2025 මාර්තු මස 20 812 2

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 164 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 535 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1151 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site