IMG-LOGO

දරුවන් 10ගෙන් එක් අයෙකුට මරණාසන්න රෝගවලට දෙන එන්නත් ලැබී නෑ

දරුවන් දස දෙනකුගෙන් එක් දරුවකුට වැඩි සංඛ්‍යාවක් නැතහොත් ලොව පුරා සිටින දරුවන්ගෙන් මිලියන 20කට පසුගිය වසරේදී මරණාසන්න රෝගවලට එරෙහිව ලබාදෙන එන්නත් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

සරම්ප, ගලපටලය සහ පිටගැස්ම ආදී මරණාසන්න රෝගවලින් දරුවන් බේරා ගැනීම සඳහා වාර්ෂිකව එන්නත් ලබාදීම සිදු කරයි. 

ගෝලීය ප්‍රතිශක්තීකරණය ආවරණය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇත. 

දරිද්‍රතාවයෙන් පෙළෙන සහ යුද ගැටුම් පවතින ප්‍රදේශවල එන්නත් ලබාදීම අතිශයින් පහළ වැටී ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ව ඇත. 

“වසංගත වළක්වා ගැනීම සහ ලෝකය ආරක්ෂා කරගැනීමේ ප්‍රධාන පියවරක් තමයි එන්නත් ලබාදීම” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඞ්රෝස් අඩනොම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“අවදානම් තත්ත්වයේ ඉන්න පිරිස තමයි හැම තිස්සෙම මඟ හැරෙන්නේ. ඒ වගේම දුප්පත් සහ නොවැදගත් යැයි සලකන පිරිස වගේම තම නිවාස අත්හැර යෑමට සිදු වූ දරුවන්ට දිගින් දිගටම එන්නත් ලැබිලා නැහැ. සැලකිය යුතු පිරිසක් අත්හැරිලා. අපට මගහැරිලා යැයි” ඔහු සඳහන් කළේය. 

එන්නත් නොලැබුණු දරුවන්ගෙන් අඩක් අයත් වන්නේ රටවල් 16කට පමණක් යැයි ද මෙම වාර්තාව සඳහන් කරයි. ඇෆ්ගනිස්තානය, මධ්‍යප අප්‍රිකානු ජනරජය, චැඞ් රාජ්‍යය, කොංගෝව, ඉතියෝපියාව, හයිටි රාජ්‍යය, ඉරාකය, මාලි, නයිගර්, නයිජීරියාව, පාකිස්තානය, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව සහ යේමනය එම රටවල් 16යි. මේ රටවල් සියල්ල යුද ගැටුම්, දරිද්‍රතාව ආදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටින රටවල්ය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 


055

 



අදහස් (3)

දරුවන් 10ගෙන් එක් අයෙකුට මරණාසන්න රෝගවලට දෙන එන්නත් ලැබී නෑ

Dr Niranjan Wednesday, 17 July 2019 01:21 AM

"මරණාසන්න" නොවේ "මාරාන්තික"

:       0       4

Neil Wednesday, 17 July 2019 02:55 AM

හැබැයි ඉතින් ඉතුරු වෙන්නේ 10 න් එකක් තමයි

:       54       0

Amarasingha Wednesday, 17 July 2019 06:05 AM

අප දන්නා පවුල් සෞඛ්‍ය සේවිකා මහත්මියක් කියූ ආකාරයට ලංකාවේ මුස්ලිම් ජාතිකයන් ගේ දරුවන්ට ඔය එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා, ඔවුන් එය හරාම් දෙයක් ලෙස සලකනවා කිවා. මෙය ජාතික ව්‍යසනයක් මෙමගින් මරණාසන්න රෝග ලංකාවේ තවත් පැතිරෙන්න පුළුවන්, බලධාරීන්ගේ අවධානයට.

:       2       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site