
(නිමන්ති රණසිංහ)
ළමයින් වෙනුවෙන් ළමා අධිකරණ 18ක් පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය පැවසුවාය.
දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.
සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙසේ සදහන් කළේ, ‘ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මේ වනවිට කොළඹ බත්තරමුල්ලේ සහ යාපනයේ පමණක් ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක් පවතින බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර එම අධිකරණවල නඩු අධික බව හේතුවෙන් නඩු කල්යාමේ ප්‍රවණාතාවක් ද ඇති බවත් ඇය පැවසුවාය.
මේ හේතුවෙන් එම ගැටලු වැළැක්වීම සදහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට රජයට යෝජනා කළ බව ද ඇය සඳහන් කළාය.
ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා ඉකුත් 2020 ඔක්තෝබර් මස 02 වන දින ළමාරක්ෂක අධිකාරියට දැන්වූ බවත්, ඒ අනූව ජනාධිපති නීතීඥයින්, මහාචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් විද්වත් මණ්ඩල 05ක් රැස්කර එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවත් ඇය කියා සිටියාය.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2550
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දරුවන් වෙනුවෙන් අධිකරණ 18 ක්
Deepal Nirosh Wednesday, 21 July 2021 04:11 PM
මේ මූල්‍ය අර්බුද මැද්දෙ රාජ්‍ය සේවය තවතවත් ප්‍රසාරණය නොකර අර මන්ත්‍රී නිවසේ අඩන්තේට්ටම් වලට භාජනය වී මරණයට පත් දැරිවියට පවතින නීතිය යටතේ සාධාරණයක් ඉටු කරලා ඉන්න. මේ වගේ බොරු සෝබන වැඩ ඊට පස්සෙ පුළුවන්...
Sunil Wednesday, 21 July 2021 05:26 PM
අහිංසක ළමයි ලිංගික අපචාර වලට යොදා ගැනෙනවා .එයට පසු මරා දැමෙන අවස්ථා තියනවා .බාල වයස්කාර ළමයි මෙහෙකාර සේවයේ යොදවලා .ඉස්සෙල්ලාම මේවා වලක්වන්න පියවර ගන්න
gampila Wednesday, 21 July 2021 08:03 PM
බෞද්ධ සාමණේර වරුන්ටත් මේ අධිකරණයේ වැඩිහිටි හාමුදුරුවන්ට විරුද්ධව නඩු පවරන්න පුළුවන්ද?