(අතුල බණ්ඩාරනායක)
දරුවන් පස් දෙනකු ලඳු කැලෑවක් සහිත පොල් වත්තක දමා අනියම් පුරුෂයකු හා ගිය බව කියන මව සහ ඇගේ අනියම් සැමියා බව කියන දෙදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වාරියපොළ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් අබේවර්ධන මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පොල්වත්තක මුර ගෙයක සිටි පස්දරු මවක වූ එච්.එම්.ඊ. දමයන්ති (30) සහ එස්.පී.නිලන්ත සංජීව කුමාර (36) යන දෙදෙනෙකි.
සැකකාරිය වයස අවුරුදු 2 සිට 12 දක්වා වයසැති දරුවන් පස් දෙනකුගේ මවක බවත් සැකකාරිය නීත්‍යානු කූල පුරුෂයා හා දරුවන් පස් දෙනා සමග අඹකඩවර ප්‍රදේශයේ පොල්වත්තක මුර ගෙයි පදිංචිව සිටියදි සැකකාරිය දෙවන සැකකරු සමග පළාගොස් ඇති බව පරික්ෂණවලින් හෙළිවී ඇතැයි අධිකරණයේදී කියැවිණි.
දරුවන් පස් දෙනා කෘෘරත්වයට පත් කිරීමේ චෝදනාව මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාමයෙන් අන්ධ වුණාම කළ නොකළ යුතු දෑ අඳුනගන්න බැරිවෙනවා. ඔවුන් දඬුවම් විඳීවි. මේවා අසා දැනගත් ජනයා පාඩමක් කොටගෙන නිවැරදි විය යුතුයි.
මෙච්චර හරියක් වෙනකල් කණමදයෙක් වගේ බීලා නිදාගත්තු තාත්තාට අවුලක් නැද්ද එතකොට..?