(සිතුම් චතුරංග)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් තම සහය දැක්වීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පෙරේදා (28) පැවැති අතර එම අවස්ථාවේදී මෙම යෝජනා ඉදිරිපත් කොට මධ්‍යම කාරක සභාවේද අනුමැතිය යටතේ යෝජනාවලිය ඉදිරිපත් කරන බව ආනන්ද සංගරී මහතා සඳහන් කළේය.
තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ද ඇතුළත් කරමින් ප්‍රධාන යෝජනා 11 කින් යුක්ත යෝජනාවලියක් සකස් කොට ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එයට එකඟවන ජනාධිපති අපේක්ෂකයාට තම උපරිම සහය ලබාදෙන බවද පැවසීය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු විසදීම, උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, යුද්ධයෙන් පීඩාවට ලක්වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , අතුරුදහන්වූවන්ගේ ගැටළු විසදීම හා උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක්ද ඇතුළත් කරමින් මෙම යෝජනාවලිය සකස් කිරීමට නියමිත බව පැවසේ.
අදාළ යෝජනාවලිය මෙම සතිය තුළදි ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කොට ඔවුන්ගේ කැමැත්ත පිළිබඳ අවධානය යොමුකරන බවත් සංගරී මහතා වැඩිදුරටත් පැවසීය.
අදාල යොජනාවලිය සකස් කිරීම හා මධ්‍යම කාරක සභා සාකච්ජාව වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වවුනියාව සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනාදන් කිෂෝර් මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් අයිති වෙනවා ඔය කොන්දේසිවලට එකඟ නොවෙනවානම්. සුළු වාසියකට රට පාවාදෙන්න එපා.
මේ යෝජනා සාධාරණයි. TNA වගේ මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. කොහොමත් ආනන්ද සංගරී මහතා වැදගත් දේශපාලනඥයෙක්.
කුමාර් මයා, ඔබගේ අදහස් සමග අපට කිසිසේත්ම එකගවිය නොහැකි බව දැන්වීමට අපි කැමැත්තෙමු.
ගෝඨාභය කිව්වනේ ඉඩම් ඔක්කොම නිදහස් කළා කියලා ඒ දවස්වලම... ඊට පස්සේ මෛත්‍රී කිව්වා එයත් ඉඩම් නිදහස් කළා කියලා දැන් තවත් ඉඩම් තියෙනවද? නැත්නම් ඔක්කොම කෙලින්නේ විකාරද?
මොනවද තුවා ලොරියක්, වඩේ ලොරියක්, වගේ ඒවාද?