IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දැරියට බලහත්කාරකම් කළ විදුහල්පතිවරයා රිමාන්ඩ්


 
 
දිනේෂ් උපේන්ද්‍ර 
                                                             
          
පාසලේදී වයස 17ක සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (26) නියම කළාය.

කුලියාපිටිය නගරය ආසන්නව පිහිටි ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ලෙස සේවය කළ අයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිසිය එහිදී කරුණු දක්වමින් අධිකරණයට පැවසුවේ අවස්ථා කිහිපයකදීම වාචිකවත් කායිකවත් විදුහල්පතිවරයා විසින් දැරිය අතවරයට ලක්කළ බව විමර්ශනයේ දී හෙළිවූ බවයි.

සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් කරුණු කී නීතිඥයින් කියාසිටියේ මෙය විදුහල්පතිකම ලබාගන්නට කැසකවමින් සිටින ගුරුවරියක් විසින් සංවිධානාත්මකව සිදුකරන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵල බවයි. 

සැකකාර විදුහල්පතිවරයා පාසලට පැමිණි වසර එක හමාරක් වැනි කාලයකදී සාමාන්‍ය පෙල ප‍්‍රතිපළ 60% දක්වා වර්ධනය කර පෙන්වා ඇති අතර සමස්ත ප‍්‍රතිඵලය 40% කින් වර්ධනය කරඇති බවද නීතිඥයින් අධිකරණයට කරුණු දැක්විය. 

සිද්ධිය වූ දිනය හා පැමිණිල්ල කළ දිනය අතර ඇති කාල පරාසයද සැකයට තුඩුදෙන බව පැවසූ නීතිඥයින් සැකකාර විදුහල්පතිවරයාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.
           



අදහස් (2)

දැරියට බලහත්කාරකම් කළ විදුහල්පතිවරයා රිමාන්ඩ්

Gunasiri Tuesday, 26 February 2019 03:18 PM

විදුහල්පතිවරුන් දරුවන් අපයෝජනය කරද්දී, සමහර ගුරුවරු, ගුරුවරියන් දරුවන්ට අමානුෂික කායික සහ මානසික දඬුවම් පමුණුවති. සමහරු මෙවැනි දඬුවම් ගුරුවරුන් සතු අයිතියක් සලකති. තමන්ගේ දරුවා රෝගියෙක් වුනදාට තමයි තේරෙන්නේ.

:       0       256

Hafeel Tuesday, 26 February 2019 04:24 PM

කොහොමද අපේ නීතිඥයින්? මොන ගැහැණු ළමයක් හෝ සිසුවියක් ස්වෙච්චාවෙන් බොරුවට ඉදිරිපත් වෙනවද තමන් ලිංගික අපයෝජනයට ලක්වුණා කියලා? මේ වගේ නීතිඥයින් ඉන්නකල්, මේ රට හදන්න පුලුවන්ද?

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 278 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site