IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


දැරියට අමානුෂික ලෙස පහරදුන් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

නිකවැරටිය  කොටවෙහෙර  ප්‍රදේශයෙන් 13 හැවිරිදි දරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ග්‍රාම නිලධාරිනිය ඇතුලු සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය අද (04) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ දැරියගේ සුළු මව බව කියන නිල්මිණි  රත්නකුමාරි සහ මොන්නෑකුලම  ග්‍රාම නිලධාරිනිය වු දිල්හානි රත්නකුමාරි නැමති දෙදෙනාය.

මොවුන් දෙදෙනා සමග අත්අඩංගුවට ගත් දැරියගේ පියා ශරීර ඇප 2ක් මත මුදා හැරිමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකාරියන්ගේ අමානුෂික  ප්‍රහාරයට ලක් වු දැරිය නිකවැරටිය  රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

 

 



අදහස් (17)

දැරියට අමානුෂික ලෙස පහරදුන් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

gayesha Saturday, 04 January 2020 02:26 PM

අඩුම ගානේ අවුරුදු 10 කට එහා බරපතල වැඩ ඇතුව හිරේ දාන්න ඕනේ. ළමයට ලක්ෂ 50 ක වත් වන්දියක් ඔය ගැහැණු දෙන්නගෙන් ගන්න ඕනේ.

:       1       403

BamunuarachchiMonday, 06 January 2020 07:54 AM

ඔබත් තාත්තා කෙනෙක් නම් ඒ ළමයා කරපු වැරැද්ද ඔබේ ළමයා ක‍ළොත් දෙන දඬුවමත් හිතලා කතා කරන්න. ඒ ළමයා කල වැරැද්ද අර වීඩියෝ කරපු කොල්ලාට අැප නොලැබී රිමාන්ඩ් වෙච්ච ප්‍රවෘත්තියෙන් දැනගන්න පුළුවන්..

:       1004       1

Champa Saturday, 04 January 2020 02:40 PM

ඉතාම අමානුෂික විදිහට දරුවෙකුට පහර දෙන්න කෙනෙකුට මේ තරම් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්නේ ඇයි කියන එකට මට උත්තර නැහැ. මිනිස්සුන්ගේ හිත දරුණු කරන්නේ සමාජය. ඒ හින්දා හදන්න ඕනේ සමාජය. බුදුරජාණන්වහන්සේ ඉගැන්වූ ධර්මය නැවත දේශනා කරන්න ඕනේ මිනිස්සුන්ගේ හිත කය වචනය නිවෙන විදිහට. නමුත් සමහර බණ දැන් කෝපි කඩේ වගේ. නැත්නම් මිනිස්සුන්ට විනෝදය දෙන, බාල ජනප්‍රියත්වය වෙනුවෙන් අහන ඉන්න මිනිස්සු හිනැස්සිම සඳහා කියන අරුත් සුන් කතා. ඒවාට බණ කියලා කියන්න බැහැ. ප්‍රතික්ෂේප කළ යුතු එවන් වැදි බණ කරා මිනිස්සු තව තව ඇදිල යන්නේ ඇයි කියන එක ගැන මටත් උත්තර නැහැ. සමාජය හදනවා වෙනුවට එයින් කරන්නේ සමාජය තවත් විකෘති කරන එක. දයාව කරුණාව මෛත්‍රිය උපේක්ෂාව නැවත මේ සමාජයේ ඇති කළ යුතුයි. පටන් ගන්න ඕනේ තැන සම්පූරණයෙන්ම සමාජයට දෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්.

:       107       72

sk Sunday, 05 January 2020 02:00 AM

මෙවැනි තිරිසනුන්ට සදාකාලිකව හිරේ ඉන්න දුන්නනම් හොදයි.

:       0       234

Senarath Sunday, 05 January 2020 03:56 AM

ඒ දරුවට ගහපු ගැහිල්ලට ජිවිතේ ඉතුරු උන එකත් ලෝක පුදුමයක්. මේ අම්මන්ඩිලා දෙන්නට නීතියෙන් දෙන්න තියෙන උපරිම දඩුවම දුන්නත් මදි. මැරෙන්න කලින් මේ ආත්මේදීම පඩිසන් දෙන්න ඕනේ ඒ කරපු අපරාදෙට.

:       0       227

mihira Sunday, 05 January 2020 05:39 AM

රිමන්ඩ් කරලා ඇප නොදී ඇයි බැරි කෙලින්ම දඩුවම් දෙන්න ? වීඩියෝ එකේ තියෙන්නේ පැහැදිලිව ? නීතිපතිගේ රස පරික්ෂක වාර්තා ඕනේ ඇති නේද ?

:       0       222

kimSunday, 05 January 2020 08:49 AM

මේක තමයි ලංකාවෙ තියන ප්‍රශ්නය. ඇස්පනා පිට වැරැද්ද ඔප්පු වෙලා තියෙද්දි තීන්දුව නොදි, නඩු කල් දානවා. ඊට පස්සෙ ඇප පිට ගෙදර එනවා. තව නඩු වාර කීපයක් අවුරුදු ගානක් ඇදෙනවා. අන්තිමට නිදහස් වෙනවා. මේ රට මේ තත්වයට වැටිලා තියෙන්නෙ මේ වැරැද්ද නිසා. සම්පූර්ණ උසාවි පද්ධතියම රටේ පරිහානියට වග කිව යුතුයි.

:       0       350

කල්පනා Sunday, 05 January 2020 01:02 PM

පහරකෑමට ලක්වී ඇත්තේ දැරියගේ පියාගේ දෙවැනි බිරියගෙන් හා ඇගේ සහෝදරියගෙන් කියලා හිතෙනවා. එය එහෙම නම් මෙම දැරියගේ මව නැතිව ඇති. කවදා නමුත් මෙම දැරියට අනතුරක් වියහැකියි. එයට පියවරක් ගැනීමට කටයුතු යෙදීම සුදුසුයි...

:       0       204

BamunuarachchiMonday, 06 January 2020 11:54 AM

මේ ළමයා කළ වැරැද්දට ගැබිනියක් වුණා නම් එතකොට වගකීම දෙවැනි බිරියටත් එනවා නේද?

:       503       4

Bamunuarachchi Monday, 06 January 2020 12:07 PM

මේ ළමයාගේ වැරැද්දට අර වීඩියෝ කරපු කොල්ලාත් හවුල් නිසා තමයි ඒ කොල්ලාට ඇපදීමට කවුරුත් ඉදිරිපත් නොවුනේ. ඒ නිසයි එයා රිමාන්ඩ් භාරයට ගියේ...

:       304       0

RIZWANTuesday, 07 January 2020 06:46 AM

බමුණු ඔබ කියන්නේ ඒ ගහපු විදිය හරි කියලද? අනේ ඔහෙට දරුවෝ නැද්ද?

:       0       39

BamunuarachchiWednesday, 08 January 2020 02:11 AM

එ්ක තීරණය කරන්නේ බලන් ඉන්න අපි නොවෙයි. ළමයාගේ වගකීම අයිති අයයි. මට ළමයි ඉන්නවා. ඔබට ළමයි නැද්ද? ඔබේ ගැහැණු දරුවෙක් අවුරුදු 17ක කොල්ලෙක් සමග දවස ගෙවා ගෙදරට ආවොත් ඔබ සමන් මල් වතුර එකක් අරගෙන ගිහිලා පිළිගන්නවාද? ඇයි කවුරුවත් මේ ළමයා මෙපමණ ගුටිකන්න ළමයා කරපු වැරැද්ද නොසොයා ඉන්නේ...

:       165       0

Amunuarachchi Tuesday, 07 January 2020 02:47 PM

බමුණාට අද මොංගල්ද කොහේද? මොන වැරැද්ද කළත් එහෙම ගහන්න බැහැ. බමුණාගේ මොලේ පරීක්ෂා කරන්න වෙයි.

:       0       27

ramithThursday, 09 January 2020 06:58 PM

බමුණාට හැමදාම මොංගල්නේ... මොනවට මේ විදිහට පත්වුණාද දන්නේ නැහැ. සමහරවිට පිස්සන් කොටුවෙන් පැනලද?

:       0       24

kekiri hene badu lal Tuesday, 07 January 2020 09:09 PM

මේ දෙන්නව ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ගත්තනම් හරි.

:       0       2

Samanthika Wednesday, 08 January 2020 01:29 PM

ඒ දරුවා මොන වැරැද්දක් කළත් මෙහෙම අමානුෂික විදියට පහර දෙනවද? පහර දෙන්නෙත් ගැහැණු අයම නේද? ග්‍රාමසේවක කෙනෙක් මෙහෙම අමානුෂික විදියට හැසිරෙනවා නම්, වගකීම් පහර හරිනවා නම් රටේ අනික් පුරවැසියන් ගැන කවර කතාද? මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම උපරිම දඬුවම් හැකි ඉක්මණින් පමුණුවන්න. එම දැරිය හැකි ඉක්මණින් සුවපත් වේවා!

:       0       2

anura Sunday, 12 January 2020 06:19 PM

මේක එක සිද්ධියක් පමණයි. හොයලා බැලුවොත් තවත් මෙවැනි සිද්ධි ගොඩක් ලංකාව පුරා සිදුවෙනවා. ලංකාවේ සියදිවි නසා ගැනීම්වලට එක හේතුවක් මෙවැනි දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1334 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 476 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site