( පාලිත ආරියවංශ)
බලාවයස්කාර දැරියක් බදුල්ලේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයකට කැටුව ගොස් අපයෝජනය කළේ යැයි සැකපිට 29 හැවිරිදි තරුණයෙක් අද (21)අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
බදුල්ලට නුදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රැකියාව කරන මෙම සැකකරු සොරණාතොට වත්තෙකැලේ පදංචි කරුවෙක් බව විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන්කළේය .
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත , සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා පො. පරීක්ෂක නිලූෂි පතිරණ මහත්මිය ගේ මෙහෙයවීමෙන් කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.