(අශෝක තිලකරත්න)
තම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන ගුරුවරයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
සැකකාර ගුරුවරයා දැනට මාසයක පමණ කාලයක තිස්සේ දැරිය තම නිවසේ නතර කරවා ගෙන ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරයා හෙට (14) අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
157
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියකට අතවර කළැයි ගුරුවරයෙක් අත්අඩංගුවට
පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 12:34 PM
ගුරුසිත නොරිදවා.. වේලාව නොවරදවා.. බැතිපෙම් උපදවා.. අකුරු උගනිව් කුමරු සොඳවා..! ගුරුතුමා අකුරටම වැඩේ කරලා තියෙනවා.
Raveendra Wednesday, 13 March 2019 12:36 PM
දැන් මේ නිවටයා අද දවසේ වර්ජනයටත් යන්න ඇති නේද? අවංකව සිතන්න.. මේ පාදඩයාට කෙසේ විදුහල්පති ලෙස සලකන්නද? තවත් " ජරා ගුරුහොරෙක්" නොවේද? කරුණාකර මේ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කාරණාමෙන් ඉල්ලා සිටින්නෙමු...
chathuri Wednesday, 13 March 2019 01:05 PM
මේක නම් පුදුම කතාවක්... අවුරුදු 13 දැරිය තනියම නේවාසිකව මෙම ගුරාගේ උඩුමහලේ නවාතැන් පහසුකම් දුන්නා කියන්නේ දැරියගේ පියාට අගුනකොලපැලැස්සේ නවාතැන් දීලා. මෙහෙම නම් මේ දැරිය කොළඹ ගෙනත් දැම්මා නම් දරුවත් අරන් ගෙදර යන්නේ... මේ විදුහල්පතිවරුන්ට පුදුම අමාරුවක්... තියෙන්නේ... මේවගේ අය මහන්සි වෙලා ඉගෙන ගත්ත අය නෙමේ. පන්දම් වලින් ආපු කට්ටිය... පුවත් පතක්, ප්‍රවෘති ටිකක් අහනවා නම් රටේ, නීතිය දන්නවා. පොඩි මිනිහට නීතිය දරුණුයි කියලා. එහෙම නොදැන තමයි සක්කිලි වගේ හැසිරෙන්නේ... දැරියගේ පියාවත් අත් අඩංගුවට ගන්න. නොසැලකිල්ලෙන් වැඩ කෙරුවට....
Amila Wednesday, 13 March 2019 01:24 PM
උපාධියක් වත් නැති පුද්ගලයෝ බොහෝමයක් උප විදුහල්පතිවරු සහ විදුහල්පතිවරු ලෙස පත්කරලා තියෙන එකේ ප්‍රතිඵලයක් තමයි මේකත්... දේශපාලන හිතවත්කම් වලට ඉස්සර ඉහලට ආපු මෙවැනි කාලකන්නින් එලවන්න ඕනෑ.
sirimal Wednesday, 13 March 2019 02:49 PM
කුඩු කාරයින් එක්ක මේ වගේ මිනිස්සුත් එල්ලන්නයි තියෙන්නේ.
lankasri Wednesday, 13 March 2019 03:18 PM
අද කාලේ තමන්ගේම පියා ළඟවත් ගැහැණු දරුවන් තනි නොකළ යුතු බව දැනදැනත් මෙවැනි වගකීමකින් තොරව පිටස්තරයෙක් ළඟ දරුවා තනි කළ දෙමව්පියන්වත් අත්අඩංගුවට ගතයුතුයි පළමුවෙන්....
prabha Wednesday, 13 March 2019 03:28 PM
ඉස්සෙල්ලම මේ දරුවාගේ තාත්තා කියන හරකට පොල්පිත්තකින් තලන්න ඕනේ...
pythagoras Wednesday, 13 March 2019 03:29 PM
නවයොවුන් වියේ තරුණියක හිතවතෙකුට බාරකරලා 'මගේ දුව බලාගනින්, කඩේ නවත්තගෙන පාසල් යවන්න. උගන්වපන් 'කියපු තාත්තව උල තියලා මරන්න ඕනෑ...
Thilak dubai Wednesday, 13 March 2019 03:30 PM
දරුවන්ගේ දෑස පාදන ගුරු පියෙක් නේ... මේ වතාවේ සමාව දෙමු..
Nihal Wednesday, 13 March 2019 06:45 PM
හැම තැනකම මේ වගේ ටික දෙනෙක් ඉන්නේ. මන් දන්නා සිංහල උගන්වන ගුරුවරියක් ඉන්නවා පන්තියේ ඔක්කොම දරුවන්ට සත්තුන්ගේ නම් කියලා කතා කරන්නේ. මෑතකදී ගුරුවරියක් අවුරුදු 2 ක් හිරේ දැම්මේ විනිශ්චයකාරවරුනුත් මෙවැනි අත්දැක ඇතැයි සිතමි
Sarasi Wednesday, 13 March 2019 07:12 PM
මේ දැරියගේ වැඩිහිටියන් ඔය මාසය ඇතුලත නිකන්වත් දුව බලන්න ගිහින් නැද්ද ? අද කාලයේ දැරියක පිටස්තරයෙකුට තනතුර සමාජ තත්වය ගැන පමණක් සිතා භාර කරන මෝඩ මව්පියන්ට යස පාඩම්. දුයිෂෙන්ලා සිටියේ කතන්දර වල පමණක් යයි තේරුම් ගෙන තමන්ගේ දරු දැරියන්ගේ පාසල් පරිසරය ගැනත් අද කාලයේ විමසිලිමත් විය යුතුයි.
Terrance Wednesday, 13 March 2019 08:37 PM
ප්‍රසිද්ධ මාධ්‍යයෙන් මේ වගේ අයව පෙන්නන්න ඕනේ. මේ ගුරුවරු නෙමේ මානසික රෝගීන්
චමින්ද Thursday, 14 March 2019 01:02 AM
පාසැල්වල විදුහල්පතිකම් ලැබෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයට නොවෙයි දේශපාලන හිතවත් කමට හෝ එම පාසැලේ වැඩිම කලක් සේවය කල කෙනාට. උදාහරණයකින් කියනවානම් 3 වැනි පංතියේ 3 වැනි ශ්‍රේණියට පත්වීමක් ලබා පැමින අවුරුද්දක් පාසැලේ සේවය කල කෙනෙකුත් පළමුවැනි පංතියේ අවුරුදු 2 ක් සේවය කර දින දෙකකට පෙර පාසැලට පැමිනි කෙනෙකුත් සිටිනවා නම් සිටින විදුහල්පති වැඩ භාරදී යන්නේ පෙරසිට පාසැලේ සිටි කෙනාට. මෙවැනි තත්වයන් යටතේ මෙවැනි සිදුවීම් ගැන පුදුමවිය යුතු නැහැ.
Indhika Thursday, 14 March 2019 02:36 AM
බලමු මෙයාට ඇප දෙන්න කොච්චර කල් යනවද කියල.