IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දියේ ගිලීම්වලින් වාර්ෂිකව 800 ක් මරුට

(ඩයනා උදයංගනී)

දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම මෙරට 800 දෙනකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසීය.

එසේ මිය යන අයගෙන් බහුතරය වයස අවුරුදු 21 ත් 60 ත් අතර පසුවන අය බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ලෝක දියේ ගිලීමේ වැළැක්වීමේ දිනය ලෙස හෙට (25) දිනය ප්‍රකාශයට පත්කර ඇත.

දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා 2,20,000 කට වැඩි පිරිසක් මිය යන අතර ඉන් තුනෙන් එකක්ම වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලිනි.

දියේ ගිලීමෙන් පසු ජීවිතය බේරා ගත්තත් දිගුකාලීන ආබාධ ඇතිවිය හැකි බව ද වෛද්‍ය සමිත සිරිතුංග මහතා කීවේය.

එබැවින් දියේ ගිලීම්වලින් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වැඩිදියුණු කිරීම, දියේ ගිලෙන අය ගලවාගැනීමේ පුහුණුව ලබාදීම ආදී ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.

 



අදහස් (2)

දියේ ගිලීම්වලින් වාර්ෂිකව 800 ක් මරුට

Nihal Saturday, 24 July 2021 02:26 PM

එකම විසඳුම පිහිනුම් තටාක සඳහා දරුවන්ට පුහුණු කිරීම.. සති 02න් ලබන දැනුම ඇති ජීවිතය බේරගන්න...

:       0       8

Sri Lanka Saturday, 24 July 2021 03:36 PM

මේකට විසඳුම සෑම ළමයකුටම පාසලේදී පිහිනන්න ඉගැන්වීම .හරිම දුකයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන .වගා කරන්න උගන්වන්න අපේ රට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන රටක් .වැඩිපුරම තියෙන්නේ වැව් ,ජලාශ .ස්තුතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30050 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12187 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10896 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 763 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site