( අයි ආර් ඉන්දික)

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් පෙරේදා (20) මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනෙකුට කොව්ඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම අනතුරින් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා  පුතා හා දුවක් මියගියේ දියේ ගිලිමෙන් මිය ගිය අතර , එම පියාට හා පුතාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ සිදුකළ රැපිඩ් ඇන්ටජන් පරික්ෂණවලදි තහවුරුවි තිබුණි.

මෙම මරණවලට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරිකෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකළ අතර අධිකරණ  වෛද්‍ය පරිකෂණය මෙනරාගල අධිකරණ වෛද්‍ය   එච් ආර් එම් යාපා මහතා විසින් මොනරාගල මහා රෝහලේදි ඊයෙ (21) සිදුකරනලදි.

කොව්ඩ් ආසාදන වි ඇති බවට හදනාගත් මෙම මරණ දෙකක් කොවිඩ් විධවිධාන යටතේ අවසන් කටයුතු කිරිමට සෞඛ්‍ය අංශවලට හදිසි මරණපරිකෂක එච් එම් ජෙ හේරත්  මහතා විසින් උපදෙස් ලබාදෙනලදි.