IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


දියර කිරි ඉල්ලා මැතිසබයේ ගෝරි

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ   දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය  ගණනාවක්ම හිඟවීම නිසා  මන්ත්‍රීවරුන් කිහිප දෙනකු  එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන්  ලෙස හැසිරී ඇතැයි  වාර්තා වේ.

මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද  අද  (8) පෙරවරුවේ   ඇතිවිය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ උසස් නිලධාරියකුගෙන්   කළ විමසුමකදී ඔහු පැවසුවේ  සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ  පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී  නැති බවයි.

මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද  ඔවුන් ප්‍රමාණවත් කිරි සපයා දීමක් නොකළ බවද එම ප්‍රධානියා සඳහන් කළේ‍ය.

මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි  පාර්ලිමේන්තුවේ ආහාර  සැපයුම් අංශය පවසයි.

හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා  පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ  කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (14)

දියර කිරි ඉල්ලා මැතිසබයේ ගෝරි

චමින්ද Wednesday, 09 March 2022 10:54 AM

ඔය කාලකණ්නින්ට දෙන්න ඕන දියර කිරි නෙමෙයි රබර් කිරි.

:       0       54

Nuwan Wednesday, 09 March 2022 11:02 AM

රටේම දුවා දරුවෝ හාමතේ කිරි නැතුව ඉද්දි ඔය පිනට කිරි බොන්න පාර්ලිමේන්තු ආපු එවුන්ට කන කුඩු වෙන්න ගහපල්ලා ,ගහලා දියවන්නාවට දාපල්ලා

:       0       49

DILUM Wednesday, 09 March 2022 11:12 AM

රටටම කන්න නැහැ වාසුදේවලාට කිරි

:       5       30

wimal Wednesday, 09 March 2022 11:20 AM

ඕකේ තියෙන්න ඕන දියර කිරි නෙවෙයි .පුන්නක්කු .කාලකන්නි හැත්ත මුන් රට කෑවා .අහිංසක මිනිහෙකුට අද වේලක් කන්න නැහැ

:       0       48

priya Wednesday, 09 March 2022 11:24 AM

මුන්ට දියයුත්ත‌ේ දියර කිරි නොව පුන්නක්කුය.

:       0       43

කාන්ති Wednesday, 09 March 2022 11:56 AM

උන්ට කිරි ගන්ඩ, කාර් ගන්ඩ, අපි රට ඉදන් සල්ලි එවන්ඩ ඕනා

:       2       27

රට වැසියන් Wednesday, 09 March 2022 12:10 PM

ෂ්.. ෂ්.. ෂ්.. ෂ්.. මුකුත් කියන්න එපා කතාව ඇත්තනේ. රටේ මිනිස්සු රසායනික දැමූ පිටි කිරි හා කිරි තේ මික්ස් බිව්වට කමක් නෑ. මේ අයට පෝෂ්‍යදායී දියර කිරි ඇතුළු ආහාර දෙන්න ඕන. එතකොට තමයි අර චාමර සම්පත් මහත්මයා වගේ හොඳට පුෂ්ඨිමත්ව පුටුවක ඉඳගන්න බැරි ගානට ගම් ඌරෝ වගේ එන්නේ. කවද හරි වෙන කරන්න දයක් නැති වුනොත් විකුණන්න හරි බැරියැයි පට්ටිය පිටින්ම..

:       0       22

mahinda Wednesday, 09 March 2022 12:31 PM

පාර්ලිමේන්තුවට කිරි, මහජනතාවට කැකිරි.., අපූරු මහජන නියෝජිතයින්... මේ අයගේ ගෙදර අඹුවගේ ඇඳුම් පවා හෝදන්නේ අපේ බදු මුදලින්...!

:       0       14

Jcn Wednesday, 09 March 2022 12:45 PM

දැන් මෙතන කමෙන්ට් කරල තියෙන එක්කෙනෙක්වත් ශ්‍රී ලංකා එකට, පොහොට්ටුවට, යූ.එන්.පී එකට කවදාවත් ඡන්දෙ නොදුන් අයද..? අපි බැනගන්න ඕනෑ අපිටමයි.. ඔය තුන්ගොල්ලන් නෙමෙයිද මෙච්චර කල් රට කාබාසිනියා කළේ..? අපි නොවේද ඔවුන්ව පත් කළේ.. අනේ නිකන් ඉන්න...

:       1       22

සුජීව Wednesday, 09 March 2022 01:46 PM

පේනවා නේද මේ අය කොච්චර නූගත් ද කියලා. නූගත් විතරක් නෙමෙයි නැහැදිච්චකමත් ඉහවහා ගිහිල්ලා. කවුද මේ අයව පාර්ලිමේන්තු යැව්වේ?

:       0       9

fairoosWednesday, 09 March 2022 04:06 PM

ඔව් දැන් ඉතින් මේ සෙට් එක පාර්ලිමේන්තු එවපු අය හොයාගන්න අමාරුයි... සුජීව..!

:       0       1

beau Wednesday, 09 March 2022 03:07 PM

දියර කිරි? දෙන්න ඕනේ රබර් කිරි..! කටවල් සම්පූර්නයෙන්ම ඇලී වැහී යන්න. රෙදි ඇඳගෙනද මේ අය ඉන්නේ?

:       0       2

මහසෙන් Wednesday, 09 March 2022 04:53 PM

ඔවුන්ගේ බඩකට තමයි පුර්වන්න ඕනෑ... මුලින් සාගතේ හැදිලනේ ඉන්නේ... ඔය ඉල්ලපු අයගේ නම් ගම් දාන්න නම් මොනම මාධ්‍යකටවත් බෑ. ඔවුන් vip නේ...!

:       0       2

Bamunuarachchi Thursday, 10 March 2022 07:41 AM

ඒ කාලේ ගෙදරදී අල්ලට සීනි කාල කහට ගහපු ගොයියෝ දැන් දියර කිරි ඉල්ලනවාලු කොන්ෆ්ලෙක් කන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 55 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2179 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site