IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දියර ඔක්සිජන් සපයන්නැයි චීන⁣ රජයට ඉල්ලීමක්

(තිළිණි ද සිල්වා)

වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන රජයේ සහාය ඉල්ලා ඇතයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සමඟ පැවති හමුවක දී විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.

මේ දිනවල පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දියර ඔක්සජන් වහා සපයා ගැනීමේ අවශ්‍යතාවයක් රට තුළ පවති.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා චීන රජයට ස්තූති කළ අතර, දෙරට අතර පවත්නා පූර්ණ පරාසයක සබඳතා ඉහළ නැංවීමේ ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.⁣

චීන තානාපති ෂෙන්හොන්ග් මහතා, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්‍ධනයට සහ රජයේ කොවිඩ්-19 අවම කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම සඳහා චීනය අඛණ්ඩ කැපවන බවට විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා අඅත.

සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 පිළිබඳ සහයෝගීතාවය, අන්තර් පුද්ගල හුවමාරු, ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු වෙත යොමු විය.

විශේෂයෙන්, මෙම හමුව සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී වූහ.

 



අදහස් (3)

දියර ඔක්සිජන් සපයන්නැයි චීන⁣ රජයට ඉල්ලීමක්

kamal Tuesday, 24 August 2021 01:05 PM

වෙන කොහෙන් ඉල්ලන්නද ඉතින්...?

:       0       11

siri Tuesday, 24 August 2021 04:28 PM

මෙයාටත් දැන් ඔක්සිජන් ඕනෙ කළේ එහාට මෙහාට පැන පැන පාර්ලිමේන්තුවේ ඉන්න. දැන් ගෙදර ඉඳලා පිනක් දහමක් කරගත්තා නම් හොඳ නැතිද? තරුණ අයටත් ටිකක් ඉඩ දෙන්නකෝ...

:       0       4

Sri Lanka Tuesday, 24 August 2021 08:11 PM

අවුරුදු 2ක් පාසල් වහලා නිකන් පඩි ගත්තා. දැන් හිමීට මාරු වෙනවා වෙන දේකට... අලුත් අධ්‍යාපන ඇමැති කියයි කළින් ඒවා මම දන්නේ නැහැ කියලා. ජයවේවා... මේවා හොඳින් බලාගෙන ඉන්න. හැමදෙයක්ම කොරෝනා පිටින් දාලා නිකන් කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 245 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site