(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
දයාන් ජයතිලක මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ටත් වඩා අදහස් දැක්වූ බවද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ඔහුට තානාපති තනතුර සමඟ දේශපාලනය කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කෙරුණු බව කීවේය.
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින බවද බිමල් රත්නායක මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් අවංකව දන්නේ නැහැ දයාන් ජයතිලක සුදුසුද නැද්ද කියා. මොකද අපි බදු මුදල් ගෙවනා සාමාන්‍ය පුරවැසියන්.
ඉතින් ඕගොල්ලොත් රටේ දේශපාලනයට ගැලපෙන්නේ නැහැ සුදුසු නැහැ. ඒ නිසානේ ඕගොල්ලන්ට තිබෙන ජනතා කැමැත්ත අඩුවෙගන යන්නේ. මෙසැරේ චන්දෙදී බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
ඇයි ජෙප්පෝ නුඹලා ධනවාදී එජාපෙට විරුද්දව කතා කරපු වර්ගයක් නේද? රටට නොගැලපෙන පාලනයක් ගෙනියන බව තේරුම් ගත්ත ජනාධිපති ඒ රජය වෙනස් කරන්න ගියාම ඊට විරුද්ධව දෙමළුන් සමග කුමන්ත්‍රණය කලේ නුඹලා නේද? දෙමළුන්ට රටින් කොටසක් අරන් දෙන්න කුමන්ත්‍රණය කරන්නේ නුඹලා නේද? ඒවා තමයි කුමන්ත්‍රණ. දයාන් ජයතිලක කුහකයෙක් නොවී තම අදහස් කෙලින්ම දැක්වීම කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?
ගැලපෙන කෙනෙක්ව යෝජනා කරන්න. (ජේවීපී එකෙන් හැර)
ඔහු දරන දේසපාලන මතය කුමක් උවත් තානාපති සේවයට දැනට සිටින ඉහලම සුදුසුකම් සහිත පුද්ගලයා මොහුයි.
එතකොට විදේශීය තානාපතිලාට අප රටේ දේශපාලනයට හොට දානවට මොකුත් කරන්න බැරිද? ජයතිලක මහතා ශ්‍රී ලංකා පුරවැසියෙක් ප්‍රවීන දේශපාලන විචාරකයෙක්...
එහෙම කිව්වත්, ලොක්කගේ ආශීර්වාදය ඇත්නම් ගොඩ..
ඉතාම ලැජ්ජා සහගත ප්‍රකාශයක්... තානාපති සේවයේ මූලධර්ම අමුඅමුවේ උල්ලංඝනය කරපු බටහිර තානාපති වරුන්ගේ ක්‍රියා කලාපය හිස් මුදුනින් පිළිගෙන තමන්ගේ රටේ ජනාධිපති වෙනුවෙන්, හරි හෝ වැරදි, පෙනී සිටි අපේ තානාපතිව විවේචනය කිරීමෙන් මොවුන් කාගේ අතකොළුදැයි මොනවට පැහැදිලි වේ.
මොහු තානාපති සේවයට පමණක් නොව කිසිවකට නොගැලපෙන ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක්.
ඔහු වාසි පැත්තට වන්දි භට්ටකම් කරන කෙනෙක්!! දැනට බොහොම කාලෙකට ඉස්සෙල්ල "අනුරුද්ධ තිලකසිරි" නමින් යූ.එන්.පී.එකට වන්දිභට්ටකම් කරමින් ලිපි ලිව්වෙත් එයානේ! මොකක් හරි හේතුවක් නිසා මිනිහ රනිල් එක්ක නයි වෛරයි. ඒ හින්දා ඒක පිරිමහ ගන්න හදනවා මිසක් ජනාධිපතිටවත්, හිටපු ජනාධිපතිටවත් විශේෂ මනාපයක් ඔහු තුළ නැහැ. මනාපය ඔහුගේම බඩට විතරයි..!
දයාන් යනු ඕනෑම දේශපාලන මතවාදයක් තමන්ට අවශ්‍යනම් හරි බව පෙන්වීමට හැකියාවක් තිබෙන කෙනෙකි.
ඔබලා දේශපාලනයට ගැලපෙනවද කියල ලැබෙන ඡන්ද ටිකෙන් පේනවා...
හොරුන්ට හොරු එකතු වෙන නිසායි ජ.වී.පෙ.ට ඡන්ද ප්‍රමාණය අඩු වෙන්නේ... ඉදිරියේදී බලමුකෝ. රටේ බුද්ධිමත්, උගත්, විචාරශීලී පිරිස වැඩි දෙනා සිටින්නේ ඔවුන් සමගයි. ඔවුන්ට ලැබෙන එක ඡන්දය වුනත්, මී හරක් ඡන්ද සියයක් වටිනවා!
ෆොන්සේකා ජනාධිපතිවරණයට ගෙන ආ වෙලාවේ (අපි ජ වී පෙන් වෙන්වුණා) ඔය තියරියට මොකද වුනේ....?