(පාලිත ආරියවංශ)
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටින වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා දිනපතා උදේ සවස වෛද්‍ය පරික්ෂණයකට ලක් කරන බව යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මෙම සිසුන් 33 දෙනා විශේෂ බස් රථයකින් ඊයේ (1) දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන ආ අතර ඔවුන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් වෛද්‍ය පරික්ෂණ වලට ලක් කෙරෙති.
මේ වන විට කිසිදු සිසුවකු උණ රෝගී තත්වයකට හෝ කොරෝනා වෛරස් ආසාධනයට ගොදුරු වී නැති බව වෛද්‍යවරු සඳහන් කළහ.
තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටින අතර ඔවුන් ගොඩනැගිලි 3ක ඇති වෙන් වෙන් වූ කාමර තුළ රඳවා සිටිති.
ඔවුන්ට ඇඳුම්,පැළඳුම්,ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දී ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඔවුනට අන්තර්ජාල පහසුකම් ඔස්සේ (වයිබර්,වට්ස්ඇප්) තාක්ෂණය ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන්ට ඔවුන් සමඟ සම්බන්ධ විය හැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියතලාවට ගෙන ආ සිසුන් 33 දෙනා දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට