IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දියණිය අපයෝජනය කළැයි පියාට බරපතල වැඩ සහිත සිර දඬුවම්

(අනීෂා මානගේ)

13 හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 30,000ක දඩ මුදලක් නියම කිරීමට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද (11) නියෝග කළේය. 

මෙලෙස දඩුවම් නියම වූයේ හුංගම පදිංචිකරුවෙකුටය.

මෙම පුද්ගලයා 2015 සහ 2016 වසර වලදී සිය බාලවයස්කාර දියණිය කිහිප වාරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හුංගම පොලිස් ස්ථානය විසින් නඩු පවරා තිබිණි. විත්තිකරුට විරුද්ධව එක් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා තුන බැගින් චෝදනා හයක් ගොනු කර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු විය. 
 
මෙලෙස වැරැදිකරු වූ එක් චෝදනාවකට බරපතල වැඩ ඇතිව වසර දහය බැගින් වසර හැටක සිරදඩුවම් සහ එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් තිස්දහසක දඩමුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියම කළේය.
 
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටියේය‍.



අදහස් (5)

දියණිය අපයෝජනය කළැයි පියාට බරපතල වැඩ සහිත සිර දඬුවම්

sandy123 Monday, 11 February 2019 07:27 AM

මේවා මහා පොලව නුහුලන අපරාධ. මේ පුද්ගලයාට අවශ්‍ය නම් යන්න තිබුනනේ ගණිකා නිවාසයකට. දෙපැත්තම සන්තෝස වෙනවා. තමන්ගේ දුවවම අපයෝජනය කරන්න තරම් පියවරු මෙතරම් පිරිහුනේ ඇයි? හේතුන් ගොඩක් දෙන්න පුළුවන් වුනත් කිසිම හේතුවකට මෙය සාධාරණීය කරන්න බැරි බවත් මතක තබා ගන්න.

:       1       279

chandanaTuesday, 12 February 2019 04:50 AM

මෙවැනිදේ සිදුවෙන්න හේතුපාදක හොයලා බලන්න ඕන... පවුල් පසුබිම අධ්‍යාපනය මේ වගේ හැසිරීම..... මවටත් වගකීමක් තියනවා මේ දේ නොවන්න වග බලගන්න......

:       0       0

rihan Monday, 11 February 2019 08:52 AM

රජ කාලේ වගේ උල තියන්නයි වටින්නේ.

:       0       159

saman Monday, 11 February 2019 09:15 AM

මෙවැනි ප්‍රවෘත්ති පල නොකරා නම් හොඳයි...

:       112       134

canada dissa Monday, 11 February 2019 10:03 PM

මෙවැනි දේ ඉතාමත් කාලෝචිතයි . මිනිසුන්ගේ ඇස ඇරෙන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site