(ඩබ්ලිව්.ඒ. අසේල)
විශේෂ අවශ්‍යතා ඇති දියණියක කළ පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (9) මෙය සිදු වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුද 75 ක මවක් වන අතර අය විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් දෙදෙනකු සමඟ මෙම නිවසේ ජීවත් වී තිබේ.
ආබාධ වලින් පෙළෙන රෝගී වූ දියණියන් දෙදෙනෙකු සමග නිවසේ ජීවත් වී ඇත.
අද උදෑසන නිවසේදී එක් දියණියක් විසින් මවට හා ආබාධිත නැගණියට පහර දී ඇති අතර එම පහරවලින් මව මියගොස් ඇත.
මීට පෙරද මෙවැනි පහරදීම් පිළිබඳ කිහිප විටක්ම පොලීසියට පැමිණිලිද ලැබී ඇත.
පහරදුන් සැකකාර දියණිය හඟුරන්කෙත පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය නිවසේ තිබූ මෝල් ගහකින් මවට පහර දී ඇති බවට පොලීසිය සැකකරනු ලබයි.
COMMENTS
භව කර්ම කියන්නේ මෙවට තමයි.
ආනන්තරීය පාපකර්මයක්...
ඇත්තටම දුකයි... ගමෙ ග‍්‍රාම සේවක ඉදලා ඉහළටම මෙ පවට කොටස් කාරයෝ වෙන්න වෙනවා. සොරි...
දාරක ප්‍රේමය නිසාත් මානව හිමිකම් සංවිධානවල කටයුතු නිසාත් මෙම තත්වයන් ඇතිවෙනවා කියලයි මම සිතන්නේ. පුරාණ ලංකාවේ මෙවැනි දරුවන් ඇතිදැඩි නොකළ බව එදා හෙළදිව පොතේ දැක්වෙනවා. වත්මනේ එවැනිදේ කළ නොහැකිනම් සමාජයට පලක්නැති මෙවැනි දරුවන් රැක බලා ගැනීමටත් නඩත්තු කිරීමටත් රජයේ ආයතන පිිහිටුවිය යුතුය. මෙයින් විශාල පිරිසකටත් රැකියා සාදා දිය හැකිය.
ලෝක අම්මාවරුන්ගේ දිනය වන අද ... මෙ වගේ දෙයක් කියවීමට වීමගැන අපි ඉතාමත් කණගාටු වෙමු...