(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල නගරය අවට කොරෝනා පැතිරීමේ දැඩි අවධානම් තත්වයක් පවතින බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පි.සි.ආර් පරීක්ෂණ සහ හදිසි පරීක්ෂණවලින් බොහොමයක් කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයන් බවට හඳුනා ගත් බව ද  ඒ මහතා සඳහන් කළේය.

එම ආසාදිතයන් අතර දඹුල්ල  ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද කොවිඩ්  ආසාදනය වූවන් ලෙස හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා වැඩි වැඩිදුරටත් සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් දෙකක් මේ වන විටත් වසා දමා ඇත.

ගෙවී ගිය දින 14 තුළ මේ වනවිට පනහකට අධික රෝගීන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයෙන් සහ දඹුල්ල නගරය ආසන්නයෙන් ආසාසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ කටයුතු මේ විට සිදුකරන යන බවද ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.