IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි


(කාංචන කුමාර ආරියදාස)

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු  ප්‍රවාහනය කළ  සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ  සේවා කටයුතු  තාවකාලිකව නවතා දමාතිබේ.

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද(23) වසා දමා තිබුණු අතර එහි සේවයට පැමිණි තැපැල් සේවකයෝ තැපැල් කාර්යාලය ඉදිරිපිට සහ පිටුපස රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

එහි සේවකයන් කියා සිටියේ පසුගිය දා  කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට  තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයෙන් ලිපි මළු රැගෙන ආ සේවක මහතා කොවිඩ් වෛරසය ආසාදනය වූ බව මේ වන විට හදුනාගෙන ඇති නිසා  මෙම පියවර ගෙන ඇති බවයි.

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ විස බීජ හරණ කටයුතුවලින් අනතුරුව තැපැල් කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බවය.

කෙසේ වෙතත් ඉදිරි කිසිදු තොරතුරක් තමාට ලබා දීමට නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු මෙම කාර්යාලයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.

ඒ අනුව එහි එක් සේවකයෙකු ඍජුවම එම සේවකයා සමඟ සබඳකම් පවත්වා ඇති බවට දැනට තොරතුරු වාර්තා වී තිබෙන බවය.

කෙසේවෙතත් කඩිනමින් දඹුල්ල තැපැල් කාර්යාලයේ සේවකයන්ගේ පි සි ආර් පරීක්ෂණ කටයුතු සිදුකොට ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව සඳහන් කළේය.

 

 



අදහස් (0)

දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

හිටපු ජනපති අපේක්ෂකයකුගේ කෝටි 25ක ඩොලර් වේයො කාලා
2024 ජුනි මස 24 12806 21

ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙ


සුළං විදුලි බලාගාර දෙකකට කොමිසමේ අනුමැතිය නෑ
2024 ජුනි මස 23 2410 7

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහ


මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට
2024 ජුනි මස 23 989 3

පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් 15දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයි
2024 ජුනි මස 21 6116 29

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්


තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක්
2024 ජුනි මස 21 4027 12

පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුප


අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති
2024 ජුනි මස 20 8144 18

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ’නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site