(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.
වැඩිහිටි ආධාර සහ ආබාධිත ආධාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මගින් නිවෙස් වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන නිසා එම අධාර මුදල් ලබා ගැනීමට තැපැල් කාර්යාල වලට හා බැංකුවලට පැමිණීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ගොවීන්ගේ එළවළු විනාශ වීම වැළැක්වීම සඳහා බවත් ජනතාව අනාරක්ෂිත ලෙස ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම නිසා එහි පරිපාලනය සහ රජය අපහසුතාවයකට පත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය නීති කඩකරන සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
882
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි
damith Monday, 23 March 2020 12:06 PM
මුඛ ආවරණ ගන්න තැනක් නැතුව දාගෙන එන්නේ කොහොමද? මුලින්ම ආණ්ඩුවෙන් සති තුන හතරකට කලින් ගාමන්ට් වලට ඔර්ඩර් දීලා මේවා හදලා ෆාමසි වලට හරි දාලා හරි නිකන් හරි බෙදලා දුන්නනම් මෙහෙම වෙන්නේ නෑ
athuraMonday, 23 March 2020 02:09 PM
මේ ආණ්ඩුව ගන්නේ අමු මෝඩ තීන්දු... කවුරු මට බැන්නත් ඇත්ත ඒකයි.