(රංජන් කස්තුරි)
දඹදිව වන්දනාවේ ගිය තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඉකුත් සතියේදී මැලේරියා උණ වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එම වන්දනාකරුවන් සතියක් වැනි කෙටි කාලයක් තුළ හමු වීම විශේෂයක් වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දඹදිව වන්දනාවේ හෝ මැලේරියා වසංගතය පවතින රටවල සංචාරය කරන්නේ නම් ඊට පෙර මැලේරියා පෙති ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.
කොළඹ නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ රටපුරා සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රාදේශීය මැලේරියා කාර්යාලවලින් මැලේරියා පෙති නොමිලේ ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වටිනා දෙයකට ඉන්දියාවෙන් ලැබුනේ බුද්ධාගම විතරයි. ඊට පසු ඉන්දියාවෙන් අපිට ලැබුන හැමදෙයක්ම ලෙඩ. කොළරාව, මැලේරියාව, ත්‍රීවීලර්, ත්‍රස්තවාදය, වගේ ලෙඩ තමයි ලැබුනේ.
මිට පස්සේ ඉන්දියාවෙන් එන ය මැලේරියා පරීක්ෂාවෙන් පස්සේ රට ඇතුලට ගන්න.ලෙඩේ හැදුන අයව රට ඇතුලට ගන්න එපා.