IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා’

(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන ජනතාවාදී පුළුල් දේශපාලන බලවේගයක් ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් පිහිටුවන බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක ඒ.වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.

දෙමළ ජනතාව වෙනුවෙන් මෙපමණ කාලයක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ රැවටිලි සගහතව බවත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ප්‍රථම මෙම සන්ධානය ගොඩනඟන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික දෙමළ සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ඊ.පී.ඩී.පී පක්ෂය,දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය,ටී.ඇම්.වී.පී, දෙමළ ප්‍රගතශීලී පක්ෂය, දෙමළ ජාතික නිදහස් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ටෙලෝ ඇතුළු උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ ගණනාවක් සමඟින් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද කියා සිටියේය.

උතුරේ ජනතාවගේ ගැටලු සෙල්ලමකට ගනිමින් දෙමළ ජාතික සන්ධානය රැවටිලි සහගතව කටයුතු කිරීමත් දෙමළ ජනතාවගේ ගැටළුවලට තවමත් විසදුම් නොලැබීමත්,එම ජනතාවගේ ගැටළු නව රජය මාර්ගයෙන් විසදා දීම පිණිස ජනතාවාදී දෙමළ දේශපාලන බලවේගයක අවශ්‍යතාව මතුවී තිබීමත් ඒ වෙනුවෙන් රටට ආදරය ඇති සියළු දෙමළ දේශපාලන බලවේග ඒකරාශී විය යුතු බවත් කී වරදරාජා පෙරුමාල් මහතා මෙම සන්ධානය ගොඩනැගීම පිළිබද සිදුකරන ලද සියළු සාකච්ඡාවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද සදහන් කළේය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මත පිහිටුවන නව ආණ්ඩුව තුළින් දෙමළ ජනතාවගේ ගැටලු නිසැකවම විසදන බවද හෙතෙම අවසන් වශයෙන් කියා සිටියේය.

 



අදහස් (7)

‘දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා’

රජින්ද Thursday, 21 November 2019 06:52 AM

උතුර සහ නැගෙනහිර ජනතාව දිනා ගැනීමට වහාම එම පළාත්වල දේශපාලඥයින් හරහා මුදල් හා ප්‍රතිසම්පාදන යොදවනවා වෙනුවට ආණ්ඩුකාරවරයා හට පුර්ණ බලතල ලබා දී මධ්‍යම රජය එම පළාත් වල සංවර්ධනයට ඍජුවම මැදිහත් වී ඒවා ජනතාවට පත්කළ යුතුයි. එවිට ඒ දේශපාලඥයින්ට ඕන ඕන විදිහට ජනතාව පාලනය කිරීමට නොහැකි වේවි.

:       64       1033

SLThursday, 21 November 2019 08:41 AM

රට බෙදන ටී.එන්.ඒ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තනනම් කර උතුරට/දකුණට/නැගෙනහිරට/බටහිරට එකම නීතියක් ගෙනාවනම් මේ ප්‍රශ්නේ නැහැ. ටී.එන්.ඒ පටන් ගන්නෙම සිංහලයා උතුරෙන් එළවන්නයි , වැල්ලවත්තේ ගෙවල් එහෙමම තියාගන්නයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

:       0       124

Perera Thursday, 21 November 2019 07:43 AM

ඇයි මේ දෙමල සහ මුස්ලිම් අය බෙදී වෙන් වෙන්න යන්නේ. මට අර කෑල්ල ඕන මේ කෑල්ල ඕන කියනවා. අපි නෙමේ ඔව්න් තමයි ජාතිවාදී. හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන්නේ.

:       0       0

sharm warn Thursday, 21 November 2019 08:21 AM

දැන්වත් දෙමල ජනයා දෙමල ජනයා කියා කියා ඒ අසරණ මිනිසුන්ව විකුණගෙන කන්නේ නැතුව අඩු ගානේ ශ්‍රී ලාංකික වෙන්න . මේගොල්ලන්ගේ "දෙමල " ලේබලේ නිසා මේ රට ට පුළුවන් තරම් හානියක් කළා .. තවමත් එයාලගේ පක්ෂ වල නමට දෙමල වචනේ අමුණනවා. අපි සිංහල කියලා නිකමට කිව්වා ගමන් බට්ටෝ වැලක් පත්තු කරගෙන උඩ පනිනවා. එතනින් ම පෙනෙනවානේ කවුද ජාතිවාදියෝ කියලා.

:       12       56

සෙන්දේ Thursday, 21 November 2019 09:00 AM

දැනට දේශප්‍රේමී සෙට් එකේ ඉන්න මේගොල්ල එහෙම සංවිධානයක් හදලා මැතිවරණයක් එද්දී එජාපයට හේත්තු වෙනවා. ඊට පස්සේ වීරවන්ශලා දැන් දේශප්‍රේමී මේගොල්ලන්ව කොටි කියලා වෙනස් කරනවා. උතුරේ අයයි දකුණේ අයයි ජාතිවාදෙට මරාගන්නවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ඡන්දෙ දිනනවා. අපි දැන් මේ නාට්ටිය අවුරුදු කීයක් තිස්සේ දකිනවද?

:       218       261

Bamunuarachchi Thursday, 21 November 2019 01:29 PM

රටින් කෑල්ලක් අපිට එපා උතුර නැගෙනහිරටත් සියලුම පහසුකම් දීලා අපේ ජීවන තත්වයත් පහසු කරන්න කියන තේමාවෙන් එන්න. 1983 කලින් උතුරේ තිබුන සිංහල බේකරි, සිංහල රත්තරන් බඩු කඩ සාප්පු නැවත අරින්න ඉඩදෙන්න.

:       0       0

BamunuarachchiFriday, 22 November 2019 07:51 AM

එතකොට නිකම්ම සංහිදියාව එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 844 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 965 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site